FEEDBACK

 ‘මාස්ටර් සර්’ දීප ව්‍යාප්තව පවත්වන්න

පසුගියදා නෙළුම් පොකුණෙහි දිග හැරුණු නීලා වික්‍රමසිංහගේ මාස්ටර් සර් ගීත ප්‍රසංගය ඉතාම අලංකාරයි, සිත්ගන්නා සුලුයි. එහි සාර්ථකත්වය පිටුපස දැවැන්ත සෙවනැල්ලක් සේ සිටි නර්ථනවේදී චන්දන වික්‍රමසිංහයන්ගේ රංගන ආයතනය ඉදිරිපත් කළ නර්ථන අංග ද අප සිත් වසඟ කළහ. මෙම ප්‍රසංගය දීප ව්‍යාප්තව පවත්වන ලෙස නීලාගෙන් ඉල්ලා සිටිමු.

ඉහළ තල්දූවේ

ආනන්ද වික්‍රමආරච්චි


ජයනි යශෝහාමි පංකාදුයි

ජයනි සේනානායක මේ වසන්ත කාලයයි ටෙලි නාට්‍යයෙහි මත් ද්‍රව්‍ය අලෙවි කරන යශෝ හාමිගේ චරිතය නම් පංකාදුයි. ඔබේ ඉදිරි ගමනට මගේ සුබපැතුම්.

කපුගොඩ මාළිඳ

සරත් රණසිංහ


උපාලිගේ ප්‍රතිභා

රංගනයට පැසසුම්

අපූර්ව වූ රංගන ප්‍රතිභාවයකින් රිදී තිරය සැරසූ උපාලි අත්තනායකයන් අපගේ මතකයේ සදා ලැගුම් ගෙන ඇත.

වෘත්තියෙන් විශ්ව විද්‍යාල ඉංග්‍රීසි භාෂා ආචාර්යවරයකු වූ ඔහු ගෞරවාන්විත ලෙස රංගන වෘත්තියේ යෙදුණු ශිල්පියකි. ඔබ රඟපෑ චිත්‍රපට රූපවාහිනියෙන් දකින විට ඔබගේ මතකය තව තවත් අලුත් වෙයි. හිඟන කොල්ලා, සිංහබාහු, ඉන්දුට මල් මිටක්, මැණික් මාලිගා, ජනක සහ මංජු එම චිත්‍රපට අතර කැපී පෙනේ.

ආර්. එම්. එච්. රත්නායක - කිරිඳිවැල.


ජූඩ්ට ස්වර්ගයේ දොර විවර වේවා

නිහතමානී ගුණයෙන් සපිරි ඇන්ටන් ජූඩ්ට ස්වර්ගයේ දොරටු විවර වේවා.

අත්තනගල්ලේ - විමලසේන හපුතන්ත්‍රී


ඇන්ටන් ජූඩ් අප අතරම ඉපදේවා!

සොඳුරු කලාකරුවකු වූ ඔබ රටම සිනහ ගැන් වූවා. ඔබේ සිනහ මල් යළිත් කලා කෙතෙහි පීදෙන්නේ කවදාද? ඇන්ටන් ජූඩ් නම් වූ ඔබ අප අතරම ඉපදේවා.

මනෝජ් වින්දන - කොට්ටාව


අජරාමර නිවන් සුව පතමු

අහෝ දුකකි.

කාලයක් කලාකාමී අපව සිනහ සයුරේ ගිල්වා සතුටු කළ ඔබ අද නිසසලව නිසොල්මන් වෙලා. ඔබට අජරාමර නිවන් සුව පතමි.

ගීතාංජන ජයසිංහ - ධර්මරාජගම, කුලියාපිටිය.


සමුගැනීම දරාගත නොහැකි වේදනාවකි

රග මඬලින් සදහටම සමුගත් සකිසඳ,

හෙළ කලා ලොව රංගනයෙන්, ගායනයෙන්, නර්තනයෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රතිභාපූර්ණ මානව හිතවාදී ළෙංගතු කලා ශිල්පී ඇන්ටන් ජූඩ් සහෘදයාණෙනි, ඔබේ සමු ගැනීම දරා ගත නොහැකි වේදනාවකි. ඔබට අපේ කෘතවේදී ප්‍රණාමය.

අප හද අඹරේ දිදුලන සඳ මඬල සේ සැමදා ඔබ නොමැකී රැඳී ඇත.

හර්ෂනාථ බණ්ඩාර


ජුඩ් නළුවන්ට ආදර්ශයකි

නොසිතූ මොහොතක නොසිතූ පරිදි අපව හැර දමා ස්වර්ගයට නික්මුණ අප හිතාදර ජූඩ් සොයුරාට නිවන්සුව පතමු.

ජනප්‍රිය වූ දා සිට මියෙන තෙක්ම නිහතමානී ගුණයෙන් කල්ගත කළ ඔහු සුළු ජනප්‍රියතාවයෙන් හිස උදම්මවා ගන්නා පිරිසට මහගු ආදර්ශයකි.

ස්වාධීන රසික සංගමයේ සභාපති

ගාමා ගාමිණී සුබසිංහ ඇතුළු පිරිස.


ඔබ සදා අමරණීයයි

ලංකාද්වීපයේ කලා කෙතහි අඹරේ පෑයූ සොඳුරු මිනිසෙකි නුඹ. ඔබ අපේ හදවත් තුළ සදා අමරණීයයි.

සුනිල් මුහන්දිරම්- ධර්මා ඒකනායක-ආනන්ද වික්‍රමආරච්චි

මංජුල පෙරේරා

නවලෝක රෝහලේ රොහාන් සෙනෙවිරත්න-කමල් ප්‍රියන්ත


අභාවය දරා ගත නොහැක

ඇන්ටන් ජූඩ්ගේ අභාවය අපට අදහා ගත නොහැකිය. නමුත් අද ඔහු අපව හැර දමා ගොස් ඇත. ඔහුට අපගේ සාතිශය සංවේගය.

ඔහුගේ රසික පිරිසක්


අකල් දිගු ගමන නිහතමානියි

ජූඩ්
ඔබට කොතරම්
ආදරේද මිනිසුන්
ඔබට කොතරම්
සමීප ද මිතුරන්
ගමම
රටම
ලොවම
ළෙංගතු ද මෙතරම්
සුන්දර කොතරම්
ඔබ නාඳුනනා
ඔබ හඳුනනා
ළබැඳි
සිතැති
මිනිස්කම හඳුනන
මිනිසුන්
සතර දිගින්
සෙනෙහසේ
සිත් මල් සිතින් දරා
ඔබව සොයා ආවා
උදේ හවා
රැය ද දිවා
පිරී ඉතිරී යන
මහා ගඟුලක් සේ
සිත් සතුටු කරන
සත් වදනින්
සිනහවකින්
යා හැකි දුර
කොතරම් ද
පණිවුඩය සමු ගැනීමේ
ගැඹුරු කොතරම්
ඔබේ
අකල් දිගු ගමන
නිහතමානී
සොඳුරු සොයුරාණෙනි
මහා රංගධරයාණෙනි

ශ්‍රියා ඇතුළු
නයිස් නෝනා
නාට්‍ය කණ්ඩායම

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු