ගුණසිරි සිල්වා මතවාදීමය ගමනක

පොත දොරට වැඩුම 02 දා

35 වසරක විචාර භූමිකාව සමඟ

60 දශකයේ ආරම්භ වූ ඇකඩමියා විචාර ගමන 80 දශකයේදී වෙනස් වූයේ පෙරළිකාර අන්දමිනි. රැඩිකල් ආරෝපණය සහිත දෘෂ්ඨි මූලික මතවාදයට සිනමා විචාරය හසු වන්නේ එකී 80 දශකයේය. එකී සමාජ විද්‍යාත්මක හා දේශපාලන දෘෂ්ඨිමය මතවාදය සිනමා විචාරයට කැන්ද ගත්තවුන් අතර ගුණසිරි සිල්වාගේ නාමය අනගිභවනීයයි.

කොමියුනිස්ට් මතවාදිමය පුවත්පතක් වූ ‘ඇත්ත පුවත්පත හරහා අති විශාල දෘෂ්ඨිමය හරඹයක යෙදුණු ගුණසිරි සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය ආදී වූ සකල කලාවන්ගේ යෙදුණු විචාර අපමණය. 1977 න් පටන් ගත් ඒ භූමිකාව අද වන විට වසර 35 කි. ඒ වෙනුවෙන් පිදෙන විචාර සංග්‍රහය ඔහු නම් කර ඇත්තේ ‘35 වසරක විචාර භූමිකාව’ යනුවෙනි.

ඔහුගේ විචාර භූමිකාවට 35 වසරක් ගෙවෙන තැන ඇයි මෙවැනි විචාර සංග්‍රහයක් එළි දකින්න හිතුවේ? අප විමසා දත යුත්තකි.

‘70 හා 80 දශකයේ චිත්‍රපට හා අනිකුත් කලාවන් අත්දැකපු නැති විශාල පිරිසක් ප්‍රේක්ෂක ගොන්න තුළ ඉන්නවා. ඔවුන්ට ඒවා අත්දකින්න අදටත් ක්‍රමයක් නැහැ. ඔවුන්ගෙන් ඉල්ලීමක් තිබෙනවා. ඒ නිර්මාණවල අන්තර්ගතය අඩංගු වන මාධ්‍යයක් ලබා දෙන්න කියලා. ඒ නිසාම තමයි 1977 සිට අද දක්වා කරපු නාට්‍ය, සිනමා, ටෙලි නාට්‍ය විචාර 200 ක් සංග්‍රහයක් ලෙස එළි දකින්න හිතුවේ.’ ඒ විචාර සංග්‍රහය ගැන ගුණසිරිගේ අදහසයි.

* ඔබ විචාර කලාව ආශ්‍රය කරන්න පටන් ගන්නේ 60 දශකයේ විචාරකයන්ගේ විචාර කියවීමෙන් කියලා ඔබම කියනවා . . .

ඔව්, සිරිල් බී. පෙරේරා, ලෙස්ලි බොතේජු, චාල්ස් අබේසේකර, නීල් අයි පෙරේරා වගේ විචාරකයෝ විචාර ලොවේ ඉහළ නමක් තබා ගත්තු අය. ඒ අය චිත්‍රපටයේ පෙනෙන භූමිකාවන් ගැන හොඳින් විග්‍රහ කළා.

විචාර කලාව ගැන ඔහු පතල චරිතයක් වුණත් නවකථා හා කෙටි කථා ප්‍රබන්ධකරණය ඔහුගේ මුල්ම සාහිත්‍යමය කර්්‍යය විය .

1971 දී මුල්ම නවකථාව ලෙස හෙතෙම ලියා පළ කළේ ‘සිත්තරකුගේ ආදර කථාව’ නමින් නවකථාවයි. ‘චාරයක් නැති මිනිහෙක්, ගැහැණියක් සහ ඛේදවාචකයක්’ ඔහු අතින් ප්‍රබන්ධකරණය වූ තවත් ජනප්‍රිය නවකථාවකි. ‘ඵලයක් නැති ගමනක්’ සහ ‘පූර්වෝක්තිය’ ඔහුගේ කෙටි කථා ඉනිම සවිමත් කළ ප්‍රධාන කෘතීන්ය.

වඩාත් මුවහත් වූ ප්‍රබන්ධකරණයක් සහිත ගුණසිරි සිල්වා විචාර සාහිත්‍ය අරඹන්නේ 80 දශකයේ මුල සිටය. ‘ලංකීය සිනමාවේ රූපික ස්ත්‍රිය’, ‘ජයවිලාල් විලේගොඩගේ සිනමා විචාර දෘෂ්ඨිය විමසීම’, ‘තාරකා මේඝයෙන් ඔබ්බට’ යනාදී වූ විචාර සංග්‍රහ 15 ක් පමණ මේ වන විටත් එළි දක්වා අවසන්.

ඇත්තෙන්ම ඔය කාලය සිනමා විචාර පිළිබඳව රික්තයක් තිබුණු කාලයක්. ඒ වගේම විචාර අත්දකින්නට විචාර සාහිත්‍යයක් ව්‍යාප්ත වී නොතිබුණු කාලයක්. ඉහත විචාර සංග්‍රහ ඒ දවස සෑහෙන්න උදව්වක් වුණා විචාරය හදාරන අයට. ගුණසිරි එසේ කියන විට මට මෙසේ අසන්නට සිතුණි.

* කොමියුනිස්ට් මතධාරී පුවත්පතක් වූ ‘ඇත්ත’ සමඟ ඉඳිද්දී එහි දේශපාලන අනුසාරය ඔබේ ප්‍රබන්ධකරණයට, විචාරයට බලපෑවේ නැත්ද?

ගුණසිරි සතු වූයේ අපූරු පිළිතුරකි.

ඔය ප්‍රශ්නය අහන එක සාධාරණයි. මොකද ‘ඇත්ත’ පුවත්පත කියන්නේ බොහොම නිර්භය පුවත්පතක්. පුවත්පතේ දෘෂ්ඨිය කොමියුනිස්ට්වාදී වුණාට මම කවදාවත් කොමියුනිස්ට් පක්ෂය සමඟ හිටියේ නැහැ. මම දේශපාලනය විග්‍රහ කළේ මතු පිටින් නෙවෙයි. ගැඹුරින්. ඒ පන්නරය තමයි මට ඉවහල් වුණේ විචාර කලාවේදී දේශපාලන දෘෂ්ඨිය අවුස්සන්න. විශේෂයෙන්ම ‘අහස් ගව්ව’, බඹරු ඇවිත්’ වගේ චිත්‍රපට විශාල දේශපාලන කථාවක් කිව්වා. අපි කථා කළේ අන්න ඒ අභ්‍යන්තරික දේශපාලන මතවාදය.

* විචාරයට වාගේම ඒ දේශපාලන සංසිද්ධීන් ඔබ ප්‍රබන්ධකරණයටත් ලක් කළා නේද?

‘සෝ තැවුල් පමණක්ය එපමණය’ යනුවෙන් ඉදිරිපත් කරපු නිර්මාණයට පාදක වුණේ 80 දශකයේ ජූලි කලබල සමයයි. ඒ වගේම පොදු සමාජය මුහුණ දුන් ආදායම් විෂමතාව මම සාහිත්‍යකරණයේදී හැඳීන් වූයේ ‘කරාටේ සටන’ ලෙස. මොකද ණය වෙවී ජීවත් වීම එක්තරා ආකාරයක ඇඟ රිදෙන කාරණයක් වෙන නිසා.

* ඔබ විචාර කළ යුගය හා අද විචාර යුගය බලන විට අද විචාර කලාව තරමක හුළං බැස ඇති ස්වභාවයකුයි පෙනෙන්නේ?

අද විචාරය ප්‍රධාන ධාරාවෙන් ඈත් වෙලා විකල්ප පුවත්පත් කරා විචාරය ගොස් තිබෙන බවකුයි පෙනෙන්නේ. මෙතැන ප්‍රධාන ධාරාවේ හිණිපෙත්තට නඟින්න තරම් ඒ විචාර අදීන නැති බවකුයි පෙනෙන්නේ. ඒ කියන්නේ ඔය මතවාදය ගෙනියන්න අද පිරිසක් නැති බවකුයි ඒකෙන් පේන්නේ.

ගුණසිරි වර්තමානය ගැන පවසන්නේ එබන්දකි. එමෙන්ම ගුණසිරි සිල්වා සයිබර් අවකාශයට විචාර මුදාහළ ප්‍රථම විචාරකයාය. එය කලකට ඉහතදී ගුණසිරි පවා නොදන්නා කාරණයකි. lankascreen.com මෙන්ම වර්තමානයේ ඔහු සෘජුවම මැදිහත් වන srilankanarts.lk ඊට නිදසුන්ය.

හොඳයි ගුණසිරි විචාර සංග්‍රහයේ එළි දැකීම ගැන කිව්වොත්?

‘35 වසරක විචාර භූමිකාව’ අප්‍රේල් මස 2 වැනිදා සඳුදා දවසේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පස්වරු 4.00 ට එළි දකින්නයි බලාපොරොත්තුව. එදින ප්‍රවීණ සාහිත්‍යවේදී සමන් වික්‍රමාරච්චි විසින් ’65 වසරක සිනමා විචාරයේ හැඩරුව’ නමින් දේශනයක් සිදු කිරීමට නියමිතයි. මේ මොහොතේ විචාර සංග්‍රහය ප්‍රකාශයට පත්කරන ‘නැණිල’ ප්‍රකාශකයන්වත් මතක් කරන්න කැමැතියි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු