නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී

‘මනමේ’ ට වසර පනස් පහයි

‘සිංහබාහු’ට වසර පනහයි

ප්‍රේමයෙන් මන රංජිත වේ – නන්දිත වේ

පූෂ්්පයෙන් වන සුන්දර වේ – ලංකෘත වේ

ආලයෙන් වෙලී සැදි මේ ලතා

මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගේ’

ගීතයේ පද හා ඊට උචිත වූ මියුරු සංගීතය ඇසුණු සැනින් අපගේ මතකයට නැඟෙන්නේ මනමේ නාට්‍යයයි. ඒ තරමටම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයෙහි ගීත ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් ගැඹුරේ රැඳීමට තරම් සොඳුරුය. සිංහල නාට්‍ය කලාව වෙනස් මඟකට යොමු කළ ‘මනමේ’ ට වසර පනස් පහක් පිරිණි. සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය තරමටම ප්‍රේක්ෂක හද බැඳගත් ‘සිංහබාහු’ නාට්‍යයට ද වසර 50 ක් සපිරිණි. මේ අපූරු නිර්මාණයන් මෙවර වේදිකා ගත වන්නේ අපගේ කලාවට ආභරණයක් වූ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදීයි.

ඒ තාක්ෂණය අතින් දියුණු මෙම වේදිකාවට උචිත අයුරින් මනමේ සහ සිංහබාහු නාට්‍යන් සැකසීම මෙහි ඇති විශේෂත්වයයි. ඒ අනුව අප්‍රේල් 01 වැනිදා සිංහබාහු නාට්‍යයෙහි දර්ශන වාර දෙකක් හා අප්‍රේල් 03 වැනිදා එක් දර්ශනයක් ලෙසින් මෙම නාට්‍යයන් වේදිකා ගතවීමට නියමිතය.


බී. එස්. සමරු සිතුවම් දැක්ම මොරටුවේ

සිනමා නළු බී. ඇස්. පෙරේරාගේ 80 වැනි ජන්ම දිනයත්, චිත්‍ර ශිල්පී – ගායන ශිල්පී සුනිල් වෙස්ලි පෙරේරාගේ උදා වූ 60 වැනි ජන්ම දිනයත් නිමිත්තෙන් පැවැත්වෙන ‘උදාවීය සැදෑ සමය’ සිතුවම් දැක්ම හා ගී පැදුර මෙම මස 31 වැනිදා පස්වරු 3.30 ට මොරටුව ජනාධාර වැඩිහිටි නිවාසයේදී පැවැත්වේ.


අජන්තාගේ මට ළඳුනි වරම් නැත දොරට වඩී

ප්‍රවීණ ගීත රචකයෙකු, ලේඛකයෙකු හා මාධ්‍යවේදියෙකු ද වන ආචාර්ය අජන්තා රණසිංහ ලියූ ‘මට ළඳුනි වරම් නැත’ නවකතාවේ නවතම මුද්‍රණය මෙම මස 03 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.


සමන් පුෂ්පාගෙන් අමාවක ගිහින්

සරසවිය පුවත්පතෙහි පැරණි ලේඛිකාවක් වූ සමන් පුෂ්පා ගුණසේකර ලියූ ‘අමාවක ගිහින්’ නවකතාව පසුගියදා දොරට වැඩිණ. යුද්ධය අලළා ලියූ මෙම නවකතාව යම් දිනක ටෙලි නාට්‍ය පිටපතකට වුවද සුදුසු බව ඇය ප්‍රකාශ කරයි.

පොත් රැසක් ලියූ කතුවරියක වන සමන්ගේ අලුත් බලාපොරොත්තුවක්, යශෝමා සහ මීනා, පේඩි, බෙනාසීර් භූතෝ 1 – 2, සුල්තානා ආදී කෘති ඈ ලියූ කෘතීන්ගෙන් කිහිපයක් පමණි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු