පුංචි පැංචියන්ට මුතු පිහාටු

ස්වාධීන රූපවාහිනිය සෙනසුරාදා සහ ඉරිදා සවස 6.30 සිට 7.00 දක්වා අඩ හෝරාව වෙන් කරන්නේ පුංචි පැංචියන් වෙනුවෙන් නිර්මාණය වුණු අලුත්ම ටෙලි කතන්දරයකට. ඒකේ නම ‘මුතුª පිහාටු.’

සනත් කේ. විමලසිරි, ගිහාන් ඒ. සී. ප්‍රනාන්දු, මාධනී මල්වත්තගේ, කංචන කොඩිතුවක්කු, චාමින්ද සම්පත් ජයවීර, ඉරේෂා රණසිංහ, ධනුෂ්කා ඉරෝෂණී, ප්‍රේමා පතිරාජ, ලුඩ්මිලා කිරිල්ලෝවා, චලනි බාලසූරිය, වර්ණතුංග සේනානායක, ඉෂාන් මෙන්ඩිස්, තිලක් අධිකාරි, රශ්මි ස්නේහා, ජයනි චතුරංගිකා සහ අනෝජා වීරසේකර ‘මුතු පිහාටු’ සඳහා රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව ‘මුතු පිහාටු’ අසඳි අල්විස්, සත්සර සවන්, ශාක්‍යා තීක්ෂණී, ඩිල්කි නෙත්මිණි, අනුද් අර්ථාවින්, ජනිදු අල්විස්, දෙව්මි සේයා, අදිත ප්‍රනාන්දු, අංජන දිල්ෂාර, සචිනි කෞෂල්‍යා, පවිත් තනුර, අසංක ජයසංක, විරාජ් මධුනාත්, තෙසාරා විනිලි, නඳුන්මලී ශාක්‍යාජා, තරුෂ්ක ජයවර්ධන, දිලුම් විජේරත්න සහ රීනා දිව්‍යානි යන ළමා නළු නිළි රැසකගේ රංගනයෙන් හැඩ වෙනවා.

‘මුතු පිහාටු ලිලන්ත කුමාරසිරිගේ අධ්‍යක්ෂණයක් සහ ලසිත් පෙරේරාගේ නිෂ්පාදනයක්. අනෝමා විජේවර්ධනගේ කතා සංකල්පයක් වන මුතුª පිහාටු රූපවාහිනියට ලියන්නෙත් ඇයමයි. ඇගේ ගී පද රචනයට සංගීත නාද රටා එක් කරන්නේ රෝහණ වීරසිංහයන්. කැමරාකරණයෙන් සුමිත් බුද්ධික, සංස්කරණයෙන් නිලංක නිරංජන බණ්ඩාර, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් ජයන්ත සමරතුංග, කලා අධ්‍යක්ෂණයෙන් ජනක අකුරංගොඩ, අංග රචනයෙන් පූජිත සන්දාදුර, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් මහේන්ද්‍ර කුලසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන් ජනක සම්පත් ‘මුතු පිහාටු’ ටෙලි නිර්මාණය සාර්ථක කර ගන්න කැප වුණා. තාක්ෂණික උපකරණ – උපදෙස් සේවා හා සංස්කරණ මැදිරිය බන්දුල වීරක්කොඩිගෙනි (ටෙලි ස්ටාර්).


ජනාධිපති විද්‍යාල මේලා අප්‍රේල් 4 දා සිට

මහරගම ජනාධිපති විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතියට ආධාර පිණිස සංවිධානය කරන ‘ජනාධිපති විද්‍යාල මේලා’ 2012 අධ්‍යාපනික ප්‍රදර්ශනය හා වෙළඳ සැණකෙළිය අප්‍රේල් මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සීදූවේ සරසි, සහරා ෆ්ලෑෂ්, සුපර් ස්ටාර්, පර්පල් යූත් රේන්ජ්, ලියාරා සංගීතවත් කරන මෙම සැණකෙළියේ කථනය ලලිත් කුමාර ජයකොඩිගෙනි.


පියුමි පුරසිංහ මේ දිනවල

ආදරය ළඟ අතරමං වෙලාද?

අපි කාටවත් ආදරයයි කැස්සයි නම් හංගන්න බෑ. සමහර ගැහැනු ළමයි නම් කැස්ස කෙසේ වෙතත් ආදරය හංගන්න නොයෙකුත් උත්සාහයන් දරනවා. හැබැයි එම උත්සාහයන් ව්‍යර්ථ වෙන්නෙත් බොහොම සුන්දර අත්දැකීම් සමඟ. නමුත් අසංකා නම් කිසි විටක තම ආදරය සඟවන්නට නම් උත්සාහ කරන්නේ නෑ.

නිර්මලගේ ආදරය පසු පස හඹා යන අසංකාට නිර්මලගේ නිර්මල ආදරය ලැබේවිද? සතියේ දිනවල රාත්‍රී 7.30 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘ආදරියේ’ ටෙලි කතන්දරය නරඹා එම පැනයට පිළිතුර දැනගන්න. ආදරයත් වෛරයත් අතර තිබෙන්නේ කෙස් ගසක තරම් සියුම් වෙනසක්.

එම වෙනස ‘අසංකා’ගේ චරිතය තුළින් නිරුපණය කරන ඇය පියුමි පුරසිංහය. මේ වනවිටත් ටෙලි නිර්මාණ තිහක් පමණ සිය රංගනයෙන් හැඩ කළ පියුමි මේ දිනවල පුංචි තිරයේ දිග හැරෙන ‘ආදරේ අහස තරම්’ සහ ‘උත්පලා’ යන ටෙලි සිතුවම් ඔස්සේ ඔබ හමු වෙනවා.

රිදී තිරයත් රංගනයෙන් හැඩ කළ පියුමි ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘සුපිරි වාසනා’, ‘මුතු කුඩයක් යට’ ඇතුළු ටෙලි නාට්‍යය ගණනාවක් සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.


කවරයේ කතාව

මෙවර සරසවිය කවරය හැඩවන්නේ ඔබේ ආදරණීය රංගන ශිල්පී චන්දික නානායක්කාරගේ රුවින්. සිතිජ ඉම ටෙලි නිර්මාණයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ චන්දික 2007 වසරේ හොඳම නැගී එන නළුවා ලෙසත්, 2008 සහ 2009 යන වසරවලදී ජනප්‍රියම නළුවා ලෙසත් සුමති ටෙලි සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය.

මේ දිනවල බ්‍රිගේඩියර් මහේන්ද්‍ර සමරදිවාකර ලෙසින් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය චන්දික මිරිඟු නදිය, බත් අම්මා, උත්පලා, ඉතිං ඊට පස්සේ ආදී ටෙලි නිර්මාණ ගණනාවක් සහ සෙල්වම්, දේදුණු වැස්ස, මේ දිනවල තිරගතවන වස්සානේ සෙනෙහස,ආදී සිනමාපට රංගනයෙන් හැඩ කළ චන්දික විදේශීය සිනමාපට සඳහාත් රංගනයෙන් දායක වී ඇත.

හැඩගැන්වීම - සුමුදු වසන්ත

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු