බඹරු නටන හැන්දෑවේ

අපූරු හැන්දෑවක් ගැන වින්දනාත්මක සටහනක්

පියදාස රත්නසිංහට උපහාරය පුදන්නේ ශ්‍යාමලී ලිවේරා

අසෝක තිලකරත්න සම්මාන ලබා

මහින්ද අල්ගම වෙත සම්මානය ප්‍රදානය නන්දා මාලිනී

ප්‍රභා රණතුංගටත් උපහාරයක්

සිය සැමියාගේ උපහාර තිළිණය දෝතින් ගන්නා ඉරානි අබේසේකර

සුමනා ජයතිලකට ගුරු බැති උපහාර පුදන ගීතා කාන්ති ජයකොඩි

රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්

පසුගිය දවසක බඹරු නටන හැන්දෑව බොහොම අපූරු හැන්දෑවක් වුණා. මේ හැන්දෑවේදී ඇසුණු හැත්තෑව දශකයේ ළමා ගී වගේම පැරැණි ගීත අපගේ සිත නිමේෂයකට රැගෙන ගියේ ඒ අපූරු අතීතයටයි.

ඒ අතීතයට අපව කැන්ඳා ගෙන යන්න රෝහණ, පරාක්‍රම, දමයන්ති ජයසූරිය, ගීතා කාන්ති, ශ්‍යාමලී, ලංකා රාණි, මංජුලා, සකුන්තලා, දමයන්ති, මංජුලා මල්කාන්ති, ඉන්දීවරී, නෙලුම්, තනුජා, ප්‍රසාදි, විජයන්ති, ගයනා, සන්ධ්‍යා, කියන ශිල්පීන්ගේ වගේම ශිල්පිනියන්ගේ මියුරු ස්වරයට හැකි වුණ බව නම් කියන්නම ඕන.

ඒ ගායනාවන්ගේ මියුරු බව තවත් දියුණු කරනා කළණි, මර්වින් හා හේමපාල කියන ශිල්පීන්ගේ සත්සර මුසුව නිසා ඒ සන්ධ්‍යාව තවත් හැඩවුණා.

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනීව හද බැතින් පිළිගන්නා නිරංජලා සරෝජනී.

මේ විදියට ගී ගැයෙන සුන්දර රාත්‍රියේ තවත් අපූරු කටයුත්තක් සිදු වුණේ අපි සැවොම පුදුමයට පත් කරමින්. ඒ හැත්තෑවේ දශකයේ ළමා පිටිය ඔස්සේ හරවත්, දැනුවත් ළමා පරපුරක් බිහි කරන්නට තමන්ගේ විශිෂ්ට දායකත්වය දුන්නු රටක් දන්න ප්‍රවීණ ශිල්පීන්ට කෙරුණු උපහාරයයි.

මහින්ද අල්ගම, ප්‍රභා රණතුංග, සුමනා ජයතිලක, අසෝක තිලකරත්න, පියදාස රත්නසිංහ, සුනන්දා ධර්මපාල යන මහත්ම මහත්මීන් වගේම අභාවප්‍රාප්ත කරුණාරත්න අබේසේකර සහ සුනෙත් ගෝකුළ යන ශිල්පීන්ටත් එදින උපහාරය හිමි වුණා.

කපිල කුමාර කාලිංග, ඒ. ඩී. රංජිත් කුමාර වගේ එවක ළමා පිටියෙන් තම ජීවිතයට ආලෝකයක් ලබාගත් ඒ ළමුන් වියතුන් වී කළ දේශනාවන් අහන් ඉන්නට තරම් සුන්දරයි.

අසෝක සේරසිංහ, ගීතා කාන්ති, ගාමිණී අභයතිස්ස, ශ්‍යාමලී ලිවේරා, සුනන්දා සරත්සේකර, රෝහණ සිරිවර්ධන වගේම දමයන්ති ජයසූරිය හේතු පාඨ කියමින් උපහාර තිළිණයන් ප්‍රදානය කළේ සිතෙහි නැ¼ගුණු බැතිබර භාවය හදවතට නඟමින්.

‘අද කාලයේ මේ වගේ වැඩක් අගය කරන්නම ඕන’

මෙහෙම කිව්වේ බඹරු නටන හැන්දෑවට එකතු වුණු ප්‍රධාන ආරාධිත අමුත්තිය වුණු ප්‍රවීණ ගායන ශිල්පිනිය නන්දා මාලිනී.

හෝරා කිහිපයක් ගතවුණු බව නොදැනුණු තරම්. එතැනට පැමිණි ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් වගේම බොහොම දෙනෙක් හිටියේ තවත් හෝරා කිහිපයක් ගත කරන්න වුණත් සූදානමින්.

මේ අපූරු කටයුත්ත සංවිධානය කර තිබුණේ ‘හැත්තෑ ගණන්වල ළමා පිටිය’ සංවිධානයෙන් වීම තවත් විශේෂත්වයක්.


ඉන්දිකගේ ආට් ක්‍රියේෂන් සිව්වෙනි ශාඛාව වෙන්නප්පුවට

සරසවිය හා රසඳුන පුවත්පත්හි කවරය සරසන ජනප්‍රිය ඡායාරූප ශිල්පී ඉන්දික මල්ලවආරච්චි පසුගියදා වෙන්නප්පුවේදී ඡායාරූප ශාලාවක් විවෘත කළා. ඒ ‘ඉන්දික මල්ලවආරච්චි ෆොටෝ’ නමින්.

එදා වෙන්නප්පුව බොහෝ සුන්දර ප්‍රදේශයක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නම් නැහැ. ඒ මොකද කියලා කිව්වොත් එදා වෙන්නප්පුව තරු දිලෙන උදෑසනක් වුණා.

අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා ඒ අවස්ථාවට සහභාගි වුණේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විදියටයි. ඇගේ වාසනාවන්ත දෑතින් මේ ඡායාරූප ශාලාව විවෘත වෙද්දී ඈ අවට සිටිය අපේ අනෙක් දිදුලන තරු අත්පුඩි ගැසුවේ අලුත් අලුත් තරු වෙන්නප්පුවෙනුත් බිහි වේවා කියලා වගේයි.

ඉන්දික මල්ලවආරච්චිගේ ප්‍රධානත්වයෙන් යුතු ආටිස් ක්‍රියේෂන්ස් හි සිව්වන ශාඛාව වන්නේ මෙයයි.


අපොන්සු සකේ සමඟ

‘පාතාලයේ සොල්දාදුවෝ’, ‘තටු’, ‘කිරා’ යන වේදිකා නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් බැඳ ගත් ජයසේකර අපොන්සු මෙවර ඔබ අතරට එන්නේ ඔහුගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වූ ‘සකේ’ නාට්‍යයත් සමඟිනි.

මෙහි විශේෂත්වය වන්නේ එහි මංගල දර්ශනය පැවැත් වෙන්නේ අප්‍රේල් මස 01 වැනිදා මාතර සමුපකාර රඟහලේදී වීමය.

‘සකේ’ හි තුසිත වීරසිංහ, ජයසේකර අපොන්සු, බන්දුල විජේවීර, රෝමා රෝෂි, නදීකා හෙට්ටිආරච්චි, මිල්කා සඳුනි, ගාමිණී කොස්තා, ගාමිණී කුලසේකර, නිසිත ශ්‍රී, පුබුදු හල්පිට, සුමිත් චන්ද්‍රවංශ, ඉරේෂා නාමලී, සූරිය බණ්ඩාර, තමිර අපොන්සු, ජයන්ති ඉඳුරුව, මනෝරි යන ශිල්පීහු රංගනයෙන් සභභාගි වෙති. සංගීතය ජගත් වික්‍රමසිංහගෙනි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු