කරළිය

මාර්තු 29 වැනිදා

* දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑණා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ.

* රිචඩ් මානමුදලිගේ ‘සකුන්තලා’ ගාල්ල නගර ශාලාවේ.

30 වැනිදා

* ජයලත් මනෝරත්නගේ ‘බූරුවා මහත්තයා’ පොල්ගහවෙල නගර ශාලාවේ.

* ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ.

* ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’ මරදාන ටවර් රඟහලේ.

31 වැනිදා

* ‘බූරුවා මහත්තයා’ ලුම්බිණි රඟහලේ.

* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ මහරගම යොවුන් රඟහලේ.

* මිචෙල් ෆොන්සේකාගේ ‘ත්‍රී ඉඩියට්ස්’ වත්තල පුරහලේ.

* නාලක ස්වර්ණතිලකගේ ‘දඟමල්ල සහ අමුතු ස්කෝලේ’ එස්. ද එස්. ජයසිංහ ශාලාවේ.

අප්‍රේල් 01 වැනිදා

* ‘රූකඩ රාජ්ජේ’ මරදාන ටවර් රඟහලේ.

* ගුණදාස මධුරසිංහගේ ‘රාජ සභාව’ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ.

03 වැනිදා

* ‘නරිබෑනා’ ගම්පහ සුමේධ විද්‍යාලයීය රංග ශාලාවේ.


විශ්ව යාත්‍රා 30 දා

කලා භූෂණ සම්මානලාභී හේමපාල ගොඩගේ ගේ ‘විශ්ව යාත්‍රා’ මෙම මස 30 වැනිදා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේදී වේදිකා ගත වේ. මෙම වේදිකා නාට්‍යයේ රත්නශීලා පෙරේරා, කුමාරි මැණිකේ අත්තනායක, එෂාන් චන්ද්‍රරත්න යන රංගන ශිල්පීහු රංගනයෙන් සහභාගි වෙති. රංගාලෝකයෙන් රවීන්ද්‍ර කුමාරගේ, ශබ්ද පරිපාලනයෙන් ආශා පීරිස්, සංගීතයෙන් විල්මන් පාවුලු ද සහභාගි වේ. සහාය අධ්‍යක්ෂණයෙන් චමිලා ලොකුලියන ද, රචනය සහ අධ්‍යක්ෂණය හේමපාල ගොඩගේ ගෙනි.


දෝසි වාසි එළි දකී

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ජයග්‍රාහී නාට්‍යයක් වන කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ බන්දුල සරත් වඩුතන්ත්‍රී නිෂ්පාදනය කළ ‘දෝසි වාසි’ ළමා නාට්‍යයේ නව නිෂ්පාදනය රඟදැක්වීම හා ‘අකුරු සිංදු’ හා ‘රැවටිච්චී පොල්කිච්චී’ යන ග්‍රන්ථ ද්විත්වය දොරට වැඩුම අප්‍රේල් මස 4 වැනිදා පෙරවරු 10.00 ට හැව්ලොක්ටවුන්හි පිහිටි ලුම්බිණි රඟහලේදී පැවැත්වේ.


පෙරියමුල්ල පාස්කු නාට්‍ය 30 දා

ක්‍රිස්තු භක්තිකයන්ගේ පාස්කු සමය අළලා රිචඩ් මානමුදලිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන ‘විමුක්තියේ ජේසු භාවාත්මක පාස්කුª නාට්‍යය’ මෙම මස 30 වැනිදා රාත්‍රී 7.00 ට පෙරියමුල්ල දේවස්ථානයේදී පැවැත්වේ.

මීගමුව පුරා විසිරී සිටිනා පාරම්පරික පාස්කු රංගන ශිල්පීන් විශාල පිරිසක් සහභාගී වන මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන්නේ අතිගරු මැල්කම් කාදිනල් රංජිත් අග රදගුරු හිමිපාණන්ය.


කුලරත්න විදුහලේ ප්‍රදර්ශනය

අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ විසිපස් වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ‘යන්ස් මෙගා 2012’ සැණකෙලිය හා වෙළෙඳ ප්‍රදර්ශනය’ මෙම මස 29, 30, 31 සහ අප්‍රෙල් 01 වැනිදා දක්වා අම්බලන්ගොඩ නගර සභා පිටියේදී පැවැත්වේ.


සරසවි නිර්මාණ සම්මාන 30 දා

සරසවි නිර්මාණ රංග පීඨය 28 වැනි වරටත් සංවිධානය කරනු ලබන සරසවි නිර්මාණ කෙටි නාට්‍ය සම්මාන උළෙල 2011 මෙම මස 30 වැනිදා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ. නාට්‍ය උළෙලෙහි අවසාන වටය සඳහා සුදුසුකම් ලැබූ නාට්‍ය වන්නේ එච්. පී. එරන්දගේ ‘තුංමං හන්දිය’, නදීකා සංජීවනීගේ ‘සන්නාලි දෝණියෝ’, ‘කෞශල්‍ය උද්දීපනගේ ‘අළු ගිනි ගනී’, විරාජ් උදාරගේ ‘විකසිත පෙම සමඟ සහෘදයෝ’, ජනක උදාරගේ ‘ලයිට හවුස් පොඩ්ඩෝ’, සමීර නිශ්ශංකගේ ‘කස කෙල්ල’, තක්ෂිලා සඳමාලිගේ ‘සොයා ගන්නම වෙනවා’, නන්දසිරිගේ ‘ඔබේ මිල කීයද?’, හේමාල් දේශප්‍රියගේ ‘නිදි වැදි දැහැන’, ෆාරිස් ගේ ‘හෙට මරණ දඬුවම’, ෆ‍්‍රැන්ක්ලීන්ගේ ‘බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න’, රෝමියෝ ප්‍රනාන්දුගේ ‘සම්මතයේ අසම්මතය’, ට්‍රීනි රෙහානාගේ ‘අධිෂ්ඨානය’ යන නාට්‍යන්ය. නාට්‍ය තරගය අවසානයේ සබරගමු විශ්ව විද්‍යාලයේ කලා පෙළ විසින් නිෂ්පාදනය කරන ලද ‘රොමා සහ රෝමය’ ආරාධිත නාට්‍යය වේදිකා ගතවීමට නියමිතය.


ඇන් කොන්ඩා ලුම්බිණියේ

අශෝක සෙනරත් මුදලිගේ නිෂ්පාදනය හා රචනය, අධ්‍යක්ෂණය කරන ඇන් කොන්ඩා වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය අප්‍රෙල් මස 01 වැනිදා ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු