වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




යාවජීව සම්මානය මාලිනීට ඉක්කා හෙට දවසට 28 දෙරණ හොඳම චිත්‍රපටය වෙයි

යාවජීව සම්මානය මාලිනීට

ඉක්කා හෙට දවසට 28

දෙරණ හොඳම චිත්‍රපටය වෙයි

සයවන වරටත් පවත්වනු ලැබූ සන්සිල්ක් සිනමා උලෙළ පසුගිය 26 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට 25 ක් අතරින් මෙවර සම්මාන උලෙළට සිනමාපට 23 ක් ඉදිරිපත් කර තිබුණි. එයින් සම්මාන ලැබීමට නිර්දේශ වූ සිනමාපට අතරින් මෙවර ජුරියේ සම්මාන 18 ක්ද, ජනප්‍රිය සම්මාන 7 ක්ද, හෙට දවසේ සිනමාව වෙනුවෙන් සම්මාන 3 ක්ද, ජූරියේ විශේෂ සම්මාන 4 ක්ද පිරිනැමිණි.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර කෙටි චිත්‍රපට අංශය වෙනුවෙන් ඉදිරිපත් කළ චිත්‍රපට කැපී පෙනුණු තරඟ අංශයක් විය. ඒ සඳහා චිත්‍රපට 112 ක් ඉදිරිපත් කළහ. එයින් හොඳම කෙටි චිත්‍රපටයට ද මෙවර සම්මාන පිරිනැමිණි. මෙවර ජීවිතයට එක් වතාවක් පිරිනමන යාවජීව සම්මානය පිරිනමනු ලැබුවේ නිළි රැජිණ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාටය. ජූරිය ලෙස ප්‍රවීණ ජූරි සභිකයන් 5 දෙනෙකු සම්මාන සඳහා ශිල්පීන් තෝරා ගැනීම සිදු කළහ. ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලියනසූරිය ජූරියේ සභාපතිත්වය දැරූ අතර ආචාර්ය සෝමරත්න දිසානායක, ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂක එම්. ඩී. මහින්දපාල, රංගන ශිල්පිනී නදීකා ගුණසේකර සහ සිනමාවේදී ජූඩ් රත්නම් ජූරිය ලෙස කටයුතු කළහ. මෙවර සම්මාන පිරිනැමුණේ මෙලෙසිනි.

ජූරියේ විශේෂ සම්මාන පිරිනැමීම:

සචිර විජේසේකර - ඒ ලෙවල් චිත්‍රපටය

ලහිරුකා ඒකනායක - ඒ ලෙවල් චිත්‍රපටය

කළණ ගුණසේකර - ඉක්කා චිත්‍රපටය රංගනය වෙනුවෙන්

විසාකේශ චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ පාංශු චිත්‍රපටය

ජනප්‍රිය සම්මාන පිරිනැමීම:

ජනප්‍රියම නැඟී එන නිළිය - උමාලි තිලකරත්න - නිනෝ ලයිව්

ජනප්‍රියම ප්‍රති වීර චරිතය - ධර්ශන් ධර්මරාජ් - ආලෝකෝ උදපාදී

ජනප්‍රියම හාස්‍ය රංගනය - ටෙනිසන් කුරේ - කොට උඩ එක්ස්්ප්‍රස්

ජනප්‍රිය ගීතය - මල් කළඹ ළඟ - දේදුනු ආකාසේ චිත්‍රපටය

වැඩිම ආදායම් වාර්තා ලැබූ චිත්‍රපටය - ධර්ම යුද්ධය

ජනප්‍රියම නළුවා - හේමාල් රණසිංහ

ජනප්‍රියම නිළිය - යුරේනි නොෂිකා

හෙට දවසේ සිනමාව උදෙසා සම්මාන පිරිනැමීම:

හොඳම කෙටි චිත්‍රපටය - ගණන් ගන්නේ නැති කතාවක් - තිසර මංගල බණ්ඩාර

හොඳම චිත්‍රපටය - ඉක්කා - කෞශල්‍ය මාධව පතිරණ

හොඳම මතු බලාපොරොත්තු අධ්‍යක්ෂවරයා - චින්තන ධර්මදාස - චිත්‍රපටය - ඇවිලෙන සුළුයි

ජීවිතයේ එක් වතාවක් පිරිනමන යාවජීව සම්මානය පිරිනැමීම - ප්‍රවීණ රංගනවේදිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා

ජූරියේ සම්මාන පිරිනැමීම:

හොඳම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණය - මිලින්ද තෙන්නකෝන් - ආලෝකෝ උදපාදී

හොඳම ගේය පද සංකල්පනාව - රඹුකන සිද්ධාර්ථ හිමි - ආලෝකෝ උදපාදී

හොඳම ගායනය - අමරසිරි පීරිස් - ආලෝකෝ උදපාදී

හොඳම දෘශ්‍ය ප්‍රයෝග - චත්‍ර වීරමන් සහ භාරත හෙට්ටිආරච්චි - ආලෝකෝ උදපාදී

හොඳම කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න - ආලෝකෝ උදපාදී

හොඳම වේශ නිරූපණය - ජයන්ත රණවක - ආලෝකෝ උදපාදී

හොඳම ඇඳුම් නිර්මාණය - කුමාර කරන්දෙනිය - ආලෝකෝ උදපාදී

හොඳම සිනමා කැමරා අධ්‍යක්ෂණය - ප්‍රභාත් රෝෂන් - ආලෝකෝ උදපාදී

හොඳම නර්තන වින්‍යාසය - චන්දන වික්‍රමසිංහ - අලි කතාව

හොඳම සහාය නළුවා - කුමාර තිරිමාඳුර - ධර්ම යුද්ධය

හොඳම සහය නිළිය - උමාලි තිලකරත්න - ඒ ලෙවල්

හොඳම සංස්කරණය - රංගන සිංහාරගේ - 28

හොඳම අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකාඩි - 28

හොඳම තිර රචනය - ප්‍රසන්න ජයකොඩි - 28

හොඳම ශබ්ද පරිපාලනය - අරුණ පි‍්‍රයන්ත කළුආරච්චි - සුළඟ ගිනි අරන්

හොඳම නළුවා - ජැක්සන් ඇන්තනී - ධර්ම යුද්ධය

හොඳම නිළිය - දිල්හානි ඒකනායක - ධර්ම යුද්ධය

හොඳම චිත්‍රපටය - ප්‍රසන්න ජයකොඩි - 28

මේ එම සම්මාන උලෙළේ සම්මාන පිරිනැමුණු ආකාරය හා විශේෂ අවස්ථා කිහිපයකි.


එම්. පී. අයි. මණ්ඩලයට අර්ජුන හා අමීෂා

එම්. පී. අයි. මණ්ඩලයේ නව අධ්‍යක්ෂවරු ලෙස ජනප්‍රිය නළු නිළි යුවළක වන අර්ජුන කමලනාත් සහ අමීෂා කාවින්දි පත්ව තිබේ. ඔවුන් සමඟ චිත්‍රපට සංස්ථාවේ සහ ඊ. ඒ. පී. මණ්ඩලයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන කේ. විමලදාස ද එම්. පී. අයි. මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්ව ඇත. මෙම මණ්ඩලය මඟින් මෙම වසර අවසන්වීමට ප්‍රථම උසස් ගණයේ චිත්‍රපටයන් නිෂ්පාදනය කිරිමටත්, මණ්ඩලය සතු සිනමා ශාලා 20 ක් ස්ථාපිත කිරිමටත් මේ වන විට කටයුතු යොදා ඇත. එම්.පී. අයි. මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් ඉකුත් දා ගාල්ල සහ අම්බලන්ගොඩ නගර තුළ සිනමා ශාලා පිහිටුවීමට නිරීක්ෂණ චාරිකාවක ද නියැළුණි. එහි අධ්‍යක්ෂවරයකු වන ආචාර්ය ආරෝෂ ප්‍රනාන්දු මේ බව සරසවියට හෙළිදරව් කළේය.


 සුගත්ගේ යක්ෂාදේශයේ ‘යකෙක්’ වෙන්න ඔබටත් අවස්ථාවක්

විජය කුවේණි සහ ඇහැළේපොළ අධ්‍යක්ෂණය කළ සුගත් සමරකෝන් සිය මීළඟ සිනමාපටය යක්ෂාදේශය ඔස්සේ නවක නළු නිළියන් කිහිප දෙනෙකුම හඳුන්වාදීමට අපේක්ෂා කරයි. ඔවුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් එළඹෙන ජූනි 3 වැනි ඉරිදා කොළඹ සුදර්ශී ආයතනයේදී පැවැත්වීමට නියමිතය. වයස අවුුරුදු 8 - 27 අතර රංගනයට කැමැති සියලු දෙනා හට මෙයට සහභාගි වෙන්න යැයි අධ්‍යක්ෂවරයා විවෘත ආරාධනාවක් කරයි.