වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




2018 උසස් පෙළ සඳහා සැරසෙමු

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

පේසාලෙන් හොයාගත්තු පාස්කු අද පාඩම ටීටර් හා පාස්කු ගැන

ටීටර්

ඊඩඥචබපඥ යන ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආ ටීටර් යන නම මෙම නාට්‍ය සඳහා භාවිත කළ නමුත් නුර්ති නාට්‍යයේ දිගුවක් ලෙස වෙනස්කම් කිහිපයක් යටතේ විකාශනය විය.

ටීටර් නාට්‍යවල සුවිශේෂ ලක්ෂණ

1. තාවකාලික වින්දනයකට මූලිකත්වය ලබා දීම

2. අත්භූතවාදී කතා යොදා ගැනීම

3. බාල වර්ගයේ විහිළු තහළු වලින් යුත් අතුරු කතා දක්නට ලැබීම

4. යථාර්ථවාදයෙන් ඔබ්බට යෑම

5. කළු, සුදු වර්ග චරිත රැසක් තිබීම

6. ජාතිකානුරාගය සහ දේශීයත්වය අරමුණු කර ගැනීම

ටීටර් නාට්‍ය නිර්මාණකරුවන් අතර සිරිසේන විමලවීරට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඔහු විසින් නිර්මාණය කළ ටීටර් නිර්මාණ කිහිපයක් පහත දක්වෙයි.

1. ප්‍රතාප් සිං

2. මායාදුන්නේ

3. සිංහලේ හෙවත් සිංහල විරයා

4. රොඩි කෙල්ල

5. විදුර

6. අම්මා

7. සීදේවි

8. පිටිසර කෙල්ල

9. දියසේන

ටීටර් නාට්‍ය කලාවේ පරිහානියට හේතු

1. ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ආ නාට්‍ය තේමාවන්, චරිත, රංග ශෛලිය, සංගීතය ආදී ලක්ෂණ ක්‍රමයෙන් දුර්වල වීම

2. ප්‍රේක්ෂකයන්ට තාවකාලික විනෝදයක් සැපයීම

3. අභව්‍ය සිද්ධීන් බහුල වීම

4. චිත්‍රපට කලාවේ ආගමනය

ටීටර් හා මිනර්වා නාට්‍ය ඉදිරියේ නුර්ති නාට්‍ය පසුබෑමට හේතු

1. ටීටර් හා මිනර්වා නාට්‍යකරුවන් පොදු ජනයාට සමීප නිර්මාණ බිහි කිරීම

2. නුර්ති නාගරික සම්ප්‍රදායක් වීම

3. ටීටර් හා මිනර්වා ලංකාව පුරා ප්‍රචලිත වීම

4. ටීටර් හා මිනර්වා ස්වභාවික රංග රීතියට සමීප වීම

5. ටීටර් නාට්‍යවලදී අප්‍රධාන විහිළු චරිතවලට ද ප්‍රධාන තැනක් හිමිවීම

6. නුර්ති නාට්‍යවල රඟපෑම අභිබවා සංගීත මතුවීම

පාස්කු නාට්‍ය

කතෝලින ජන වන්දනා නාට්‍ය විශේෂයක් ලෙස පාස්කු නාට්‍ය හඳුන්වා දිය හැක. සජීවී චරිත මෙන්ම රූකඩ ද යොදාගෙන පාස්කු නාට්‍ය රඟ දක්වනු ලබයි.

පැරැණිතම පාස්කු නාට්‍යය මන්නාරම් පළාතේ 'පේශාලෙයි' නම් ගමෙහි වසර 400 කට පමණ උඩදී පටන්ගෙන මෑතක් වන තුරුම රඟ දැක්වුණි. පාස්කු නාට්‍ය පාස්කු මඩුවල මෙන්ම එළිමහනේ ද අවස්ථාවට උචිත පරිදි රඟ දක්වයි.

පාස්කු නාට්‍යයේ අන්තර්ගතය

පාස්කු නාට්‍යවල අන්තර්ගය ක්‍රිස්තියානි ආගමේ බයිබලයේ එන පහත සඳහන් සිද්ධින්ගෙන් සමන්විත වී ඇත.

1. ජෙසුස් වහන්සේ ශ්‍රාවකයන් සමඟ අන්තිම වරට වැළඳූ පාස්කු භෝජනය

2. ගෙත්සමනි උයනට ගොස් එහි ලොව්තුරා පියාණන් වෙත දැඩි චිත්ත සන්තාපයෙන් කරන යැදුම

3. ජුදාස් නැමැති ශ්‍රාවකයා විසින් පාවා දෙනු ලැබීම

4. සිර බන්ධනයට නියම වීම

5. පූජකයන් හා රෝමානු පාලකයන් ඉදිරිපිට විනිශ්චය කරනු ලැබීම හා මරණ තීන්දුව ලැබීම

6. සෙබලුන් අතින් කෲර වධ හිංසනයට භාජනය වීම

7. කුරුසය කරගසා දණ්ඩ ස්ථානයට පා තැබීම

8. කුරුසයේ ඇණ ගසනු ලැබීම

9. උත්ථානය (මරණින් නැඟිටීම)

යේසුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම්කාරයා බවත්, විමුක්ති මාර්ගය පෙන්වන්නා බවත් කිතුනු ජනතාවට එත්තු ගැන්වීම පාස්කු නාට්‍යවල ප්‍රධාන අරමුණයි.

පාස්කු පැතිරී පවත්නා ප්‍රදේශ

* පිටිපන

* දූව

* පමුණුගම

* යාපනය

පාස්කු නාට්‍යවල විශේෂ ලක්ෂණ

* විශාල නළු නිළි පිරිසක් රංගනයට දායක වේ

* නරඹන ප්‍රේක්ෂක පිරිස පවා රංගනයට සහභාගී වේ

* නාට්‍ය ධර්මී ශෛලිය අනුව වේෂ භූෂණ, අංග රචනය, රංගෝපකරණ උපයෝගී කර ගනී

* ප්‍රධාන වශයෙන් නත්තල, පාස්කු උත්සවය වැනි උත්සවවල පාස්කු නාට්‍ය රඟ දක්වයි