වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




‘කාල’ ගිවිසුම් අත්සන් කෙරේ රජ්නි සමඟ අංජලී පටෙල් තිරයට

‘කාල’ ගිවිසුම් අත්සන් කෙරේ රජ්නි සමඟ අංජලී පටෙල් තිරයට

දමිළ සිනමාවේ සුපිරි තරුව රජ්නි කාන්ත් රඟන නවතම සිනමාපටය වූ කාල මෙරට තිරගත කිරීම වෙනුවෙන් ඊට අදාළ ගිවිසුම්පත හුවමාරු කරගත් මොහොතයි මේ. මේ සිනමාපටය තිරගත වන සිනමා එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ ඒ. පද්මරාජ් සහ චිත්‍රපටය මෙරටට ගෙන් වූ ආර්. ඒ. ෆිල්ම්ස් අධ්‍යක්ෂ රොහාන් පින්නදූව යන මහත්වරුන් එම ගිවිසුම හුවමාරු කරගත් අන්දමයි මේ.

රජිනි කාන්ත් සමඟ සම්මානනීය නළු නානා පතේකාර් හා පසුගිය වසරේ සරසවිය සිනමා උලෙළේ සම්මාන දිනූ හොඳම නිළිය අංජලී පතෙල් මෙහි චරිත මවති.


ජාතික රූපවාහිනියේ අතුල පීරිස්ට මොස්කව් සම්මාන

අතුල පීරිස් විසින් නිර්මාණය කරන ලද සහෘදයෝ ඒකාංගික ටෙලි නාට්‍ය සඳහා රුසියාවේ මොස්කව් නුවර පැවැත්වුණු 20 ඩිටෙක්ටිව් ෆෙස්ට් අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළේදී විශේෂ සම්මානයට පාත්‍ර විය. ලක්මා වීරසේකර, නවබ්‍රජා රාධා, නිරෝෂන් විජේසිංහ, නිලුකා රේඛානි, බොනිෆස් ජයශාන්ත මෙහි රංනයෙන් දායක විය. සමන් ගාල්ලගේ ගේ කැමරා අධ්‍යක්ෂණයකි. චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලා අධ්‍යක්ෂවරයාය. සඳුන් අතුකෝරාලගේ අංග රචනයකි. අපි මචං කණ්ඩායම සංගීත අධ්‍යක්ෂණය සිදු කොට ඇත. සහෘදයෝ ජාතික රූපවාහිනියේ නිෂ්පාදනයකි. මෙම සම්මාන උලෙළේදී ජාතික රූපවාහිනියේ රංග බණ්ඩාරනායක සහ ශිරාන් රත්නායක ද ජූරියේ විශේෂ ඩිප්ලීමා සහතිකවලින් පිදුම් ලැබීය.


නිසංසලාගේ චිත්‍ර දැක්මක් ආයුබෝ

ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී නිසංසලා කරුණාරත්න රාජපක්ෂගේ 5 වැනි ඒක පුද්ගල චිත්‍ර දැක්ම එළඹෙන ජුනි මස 2 හා 3 දෙදින තුළ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. ඇය තෙල් සායම් හා මිශ්‍ර මාධ්‍ය උපයෝගී කර ගනිමින් තෙළිතුඩින් සිතුවම් කළ චිත්‍ර මෙවර ප්‍රදර්ශනයට තබා ඇත. එයින් ලැබෙන ආදායමින් පිළිකා රෝගය වැලඳුණු කුඩා ළමුන් සඳහා යෙදවීමට නිසංසලා අදහස් කර ඇත. පිළිකා සරණ සංගමය හරහා එම සත්කාරය සිදු කරනු ඇත. එය නැරැඹීම සඳහා විවෘත ආරාධනයක් ඔබ සියලු දෙනාට කරනු ලැබේ.


ධවල සංග්‍රාමය එළිදකී

ජයසංඛ කරුණාරත්නගේ නවතම කෘතිය ඉනස්පෙක්ටර් වෙස්ටිගේ අභිරහස් පරීක්ෂණ 'ධවල සංග්‍රාමය' එළඹෙන ජූනි මස 5 වැනි දින මරදාන දයාවංශ ජයකොඩි පොත් මැදුරේදී එළි දැක්වේ.

ධවල සංග්‍රාමය කෘතියට පාදක වූ මුල් කෘතියෙහි නිර්මාතෘ ජෝන් ක්‍රිසි 1908 - 1973 විවිධ අන්වර්ථ නාම භාවිතා කරමින් අපරාධ පරීක්ෂක නවකතා සහ විද්‍යා ප්‍රබන්ධ නවකතා 600 කට වැඩි ප්‍රමාණයක් රචනා කර ඇත.

ප්‍රවිණ ලේඛකයකු වන මොහුගේ නවතම කෘතිය දෙරට වඩින එදින සහනදායි මිලකට දයාවංශ ජයකොඩි පොත් මැදුරේදී ලබා ගත හැකිය.


මායා බන්ධන ලයනල් වෙන්ඩ්ට්හිදී

උෂාන් පෙරේරා නාට්‍ය නිර්මාණය මායා බන්ධන එළඹෙන ජූනි මස 06 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී වේදිකා ගත වේ. ප්‍රසන්නජිත් අබේසූරිය, මිහිරි ප්‍රියංගනී, අනුරාධ මල්ලවාරච්චි, එස්. අයි. සමරක්කොඩි, උදිත ලියනගේ මෙහි චරිත මවති. මායා බන්ධන ගාමිණී වියන්ගොඩගේ පරිවර්තනයකි.


නස්රුදීන්ලාට නළු නිළියන්

සංස්කෘතික අමාත්‍යාංශයේ ලියාපදිංචි රීඩිං බොක්ස් පාඨක සංසදය මඟින් නිර්මාණය කෙරෙන නස්රුදීන්ලා වේදිකා සහ ටෙලි නාට්‍ය කතා මාලාව සඳහා නවක නළු නිළියන් බඳවා ගන්නා බව එම වැඩ සටහනේ සංවිධායක ශ්‍රීනාත් ද සිල්වා සරසවියට දන්වා සිටියි. වයස අවුරුදු 12 - 20 ත් අතර නවකයින් මේ සඳහා තෝරා ගැනේ. මේ සඳහා ඉල්ලුම් පත්‍ර පඥචඤඪදඨ ඡධය.ධපඨ වෙබ් පිට්වෙන් ලබාගත හැකි අතර ජූනි මස 20 ට ප්‍රථම ඒවා රීඩිං බොක්ස් - 20 සුරම්‍ය පෙදෙස, කටුබැද්ද, මොරටුව ලිපිනයට එවීමෙන් මෙහි මූලික සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීමට පුළුවන. මෙම නාට්‍ය මෙහෙවයනු ලබන්නේ කිත්සිරි මෙවන් ජයසේන විසිනි. ඔහු හඳයා චිත්‍රපටයේ සූප්පුවාගේ චරිතය නිරූපණය කළේය.