වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




ලින්ටන්ගේ YOU   අමෙරිකාවේදී සම්මාන දිනයි

ලින්ටන්ගේ YOU   අමෙරිකාවේදී සම්මාන දිනයි

පාදඩයා, මගේ වම් අත වැනි චිත්‍රපට නිර්මාණය කොට පසුව විදෙස් ගත වූ සම්මානනීය රංගන ශිල්පී ලින්ටන් සේමගේ තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ යූ සිනමාපටය සඳහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත් වූ ඉන්ඩපෙන්ඩන්ට් ෆිල්ම්මේකර් ෂෝකේස් සිනමා උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නා ලදී. එම සම්මාන උලෙළ ඉකුත් දා ලොස් ඇන්ජලීස් නුවර ග්‍රෝව් පැසිපික් තියෙටර්හිදී පවත්වන ලදී. යූ සිනමාපටය සඳහා පාදක වී ඇත්තේ තුවක්කු භාවිතයෙන් සිදු වන ප්‍රචණ්ඩත්වය නිසා ළමයි පීඩාවට පත්වන අන්දම පිළිබඳවයි.

ලින්ටන් අමෙරිකාවේදී මෙයට පෙර බ්ලූ නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී.