වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

සරසවිය සිනමා සම්මාන උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. එහිදී ඉකුත් සරසවිය සම්මාන උලෙළේ හඳුන්වා දුන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා මේ දිනවලදී අයැදුම්පත් කැඳවනු ලැබේ.

* අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය වීම.

* 2016 ජනවාරි 01 සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය අතරතුළදී ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබී තිබීම.

* එම කාලය ඇතුළත චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හරින ලද්දේ නම් මෙම සම්මානය සඳහා ඉදිරිපත් කළ නොහැක.

මෙම චිත්‍රපටයන් සඳහා අයදුම් කරන නිර්මාණකරුවන් චිත්‍රපටයේ මූලික විස්තර (චිත්‍රපටයේ නම, නිෂ්පාදක, අධ්‍යක්ෂ, දුරකතන අංකය, චිත්‍රපටයේ ධාවන කාලය, රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබූ දිනය) ඇතුළත් කොට අයැදුම්පතක් රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ ඡායා පිටපතක් ද සමඟ කාර්යාල වේලාවන් තුළදී සරසවිය කර්තෘ මණ්ඩලයට ගෙනවිත් බාරදිය හැකිය. එසේත් නැතිනම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය යනුවෙන් ලියුම් කවරයේ සඳහන් කොට සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට පුළුවන.

2016 හා 2017 දෙවර්ෂ සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමේ.


මාර්තු 24 සිනමා කිවිඳියට සුබ උපන්දිනක් සරසවිය ප්‍රාර්ථනාවයි


සුමති ශිවමෝහන්ගේ පුත්තු හා පියවරුට ඉන්දියානු සම්මාන

දෙවැනි ඉන්දියානු ජගත් සිනමා උලෙළේදී හොඳම චිත්‍රපටය උදෙසා ජූරියේ සම්මානය ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ 'පුත්තු සහ පියවරු' චිත්‍රපටය පසුගිය 18 වන දින හයිද්‍රාබාද් නගරයේදී දිනා ගන්නා ලදී. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සුමති ශිව මෝහන් විසිනි. පුත්තු සහ පියවරු ඇතුළු චිත්‍රපට 16 ක් ඉන්දියානු ජගත් සිනමා උලෙළේ තරග අංශය සඳහා ඉදිරිපත් කර තිබුණි. පුත්තු සහ පියවරු සුමති ශිව මෝහන්ගේ දෙවන නිර්මාණය වන අතර 2013 වර්ෂයේදී ඉංගිරුන්තු දමිල භාෂිත සිනමාපටය ඇයගේ පළමු නිර්මාණයයි. සුමති වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කළ පළමු ශ්‍රී ලාංකීය දෙමළ අධ්‍යක්ෂවරිය ලෙස වාර්තාවක් තබා ඇත්තේ ඉංගිරුත්තු සමඟය.. සංගීත ප්‍රභූ පරම්පරා දෙකක් පාදක කරගෙන නිර්මාණය වූ මේ චිත්‍රපටයේ බිම්සරා ප්‍රේමරත්න, නෙරංජනී ෂන්මුගරාජා, එස්. ඒ. විනෝද්, රනිල් දිනේත්‍ර, අමා ව්‍යාසා සිරිසේන, ඇන්තනි සුරේන්ද්‍ර, උපුල් ශාන්ත සන්නස්ගල සහ මෛත්‍රී රාජේන් කුමාර් චරිත නිරූපණය කරයි. තිර රචනය සහ කැමරා අධ්‍යක්ෂණය සුනිල් පෙරේරා, එල්මෝ හැලිඩේ සංස්කරණය, ලාල් හරේන්ද්‍රනාත් කලා අධ්‍යක්ෂණය, ඇන්තනි සුරේන්ද්‍ර සංගීත අධ්‍යක්ෂණයෙන් පුත්තු සහ පියවරු සිනමාපටයට දායක වේ.


සොරුන්ගෙත් සොරු ඩීවීඩි එළිදකී

ශ්‍රී ලංකවේ ප්‍රථම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වූ 'සොරුන්ගෙත් සොරු' චිත්‍රපටයේ ඩී. වී. ඩී. තැටිය නිකුත් විය. එය සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ 82 වැනි ජන්ම දිනය වෙනුවෙන් පසුගියදා එළි දුටුවේය. රන්මුතුදූව, ගැටවරයෝ නිර්මාණය කළ මයික් විල්සන්ගේ තුන්වන හා අවසාන චිත්‍රපටය වූ 'සොරුන්ගෙත් සොරු' ගාමිණී සමඟ ලීස් විල්සන්, ජෝ අබේවික්‍රම හා කාල් ගුණසේකර ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණය කළහ. එහි සංගීත අධ්‍යක්ෂවරයා වූයේ පණ්ඩිත් අමරදේව ශූරීන්ය. සොරුන්ගෙත් සොරු සෙරන්ඩිබ් ඉන්ටර් නැෂනල් සමාගමේ නිෂ්පාදනයකි. ඩී. වී. ඩී. තැටිය සුරංග ද අල්විස්ගේ ඉදිරිපත් කිරීමකි.


බංගලාදේශ විශේෂ සිනමා උලෙළක් 23 සිට 25 දක්වා තරංගනී ශාලාවේදී...

ලෝකයට පෙනය පිප්පු බංගලියන් සිනමාවේද පෙනය පුප්පන බව ලංකාවේ දන්නේ අතලොස්සකි. එසේ පෙනය පුප්පන ලද සිනමාකරුවන් බොහෝ දෙනෙක්ගේ චිත්‍රපට රැගත් අනර්ඝ සිනමා උලෙළක් එළඹෙන 23, 24, 25 තෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සම සංවිධානයෙන් මෙවර සංවිධානය වන බංග්ලාදේශ සිනමා උළෙලේ ප්‍රධාන සංවිධායක කටයුත්ත බාරව සිටින්නේ සිනමාව පිලිබඳ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ධනුෂ්ක ගුණතිලක විසිනි.

ලෝකයටම පොදු වූ තාගෝර් නාමය මෙන්ම ඉන්දීය සිනමාවේ රිට්වික් ඝටක් නාමය පවා එවකට බිහිවෙන්නේ නැගෙනහිර බෙංගාලය තුලය. එම නිසා සිනමාව ඉතා ඉහලින් කිරීම සඳහා වූ සරු වූ පසක් අද බංග්ලාදේශය තුල ඇත. එමෙන්ම අද වන විට නාමධාරී සිනමාකරුවන්ගේ සංඛ්‍යාවද ඉහල මට්ටමක තිබේ. ඒ අනුව අද දකුණු ආසියානු කලාපයේ නැගී එන සිනමා කර්මාන්තය බවට බංග්ලාදේශය පත්ව ඇත. බොහෝ විට මැද මාවතේ කලාත්මක සිනමාවේ යෙදෙන ඔවුන් හැදෑරීම් අතින්ද ලංකාවට වඩා ඉහලින් සිටී.

එම නිසා මෑත කාලයේ බංග්ලාදේශ සිනමාකරුවන් කරන ලද විශිෂ්ට චිත්‍රපට කිහිපයක් උළෙලට ඇතුළත් කර ගැනීමට ප්‍රධාන සංවිධායක ධනුෂ්ක ගුණතිලක කටයුතු කර ඇත. එම චිත්‍රපට අඩංගුව තුල එරට සංස්කෘතිය හා යම් යම් පසුගාමිත්වයන්ට එරෙහි ඉතා නිර්මාණාත්මක චිත්‍රපට කිහිපයක්ද වේ.

ඒ අනුව මොස්ටෆා සර්වාර් ෆාරුකි සහ රුබයියාත් හුසේන් නම් තරුණ සිනමාකරුවන් දෙදෙනා කැපී පෙනේ. ෆාරුකි ගේ ‘දූබ්’ සහ ‘ටෙලිවිෂන්’ චිත්‍රපට දෙකද රුබයියාත් ගේ ‘අන්ඩර් කන්ස්ට්‍රුක්ෂන්’ චිත්‍රපට ලෝකයේ සිනමා උළෙලවල් වල විශේෂ ඇගයීමකට ලක්ව ඇත. ප්‍රකට ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන් ද ප්‍රථම වතාවට බංග්ලාදේශ චිත්‍රපටයක රඟපෑවේද ෆාරුකි ගේ ‘දූබ්’ චිත්‍රපටයේය.

චිත්‍රපට සියල්ල බෙංගාල භාෂාවෙන් නිපදවා ඇති අතර ඉංග්‍රීසි උපසිරැසි සහිතව තිරගත වේ.

එළඹෙන 23 සිකුරාදා සවස 5.30 සිට තරංගනී ශාලාවේදී ආරම්භ වන බංගලාදේශ සිනමා උළෙලේ පෙළගැස්ම මෙසේය.

මාර්තු 23 සිකුරාදා -

මොස්ටාෆා ෆාරුකි ගේ ‘දූබ්’ (සවස 5.30)

මාර්තු 24 සෙනසුරාදා -

මොශේදුල් ඉස්ලාම් ගේ ‘අනිල් බග්චිර් ඒක්දින්’ (උදෑසන 10.30)

ෆක්රුල් ඛාන් ගේ ‘භුබන් මජී’ (සවස 3.00)

අමිතාබ් රෙසා චෞදුරි ගේ ‘අයිනාබාසි’ (සවස 5.30)

මාර්තු 25 ඉරිදා -

මොස්ටාෆා ෆාරුකි ගේ ‘ටෙලිවිෂන්’ (සවස 3.00)

රුබයියාත් හුසේන් ගේ ‘අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් (සවස 6.00)


මජීඩ් මජිඩිගේ චිත්‍රපටයක් අද

ලෝක ප්‍රසිද්ධ සිනමාකරු මජීඩ් මජීඩ්ත් ගේ ඊඩඥ එඪතතධඹ ඊපඥඥ අද දින පස්වරු 4.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලවේදී විවෘත ප්‍රදර්ශනයක් අරඹයි.