වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




මේ කොයි යන්නේ රයිගම් යන්නේ

මේ කොයි යන්නේ රයිගම් යන්නේ

කතා කිහිපයක්ම එකට ලියන්කයි ලැහැස්ති වුණේ. ඉකුත්දා පැවැති රයිගම් සම්මාන උලෙළේ නාමයෝජනා එළිදැක්වීමේ මොහොතෙදි අපේ නිශ්ශංක විජේරත්නගේ කැමරාවට හසු වුණු අවස්ථා කිහිපයක සේයාරූ සොරා ගත්තා. ඒවා එකිනෙකට වෙනස් ඒවා නිසා මෙලෙස ඒ ඡායාරූපවලට හිමි කතාන්දර ලියන්නේ කාගෙ කාගෙත් රස වින්දනය උදෙසායි. රයිගම් ආයතනයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහත්මයත් එක්ක සිනහමුසු මුහුණින් කතාබහ කරන්නේ මොනවද. ඇතැම් විට කලා ලොව තුළ කරන්න හදන පෙරළියක් ගැනද මන්දා මේ කකා කරන්නේ.

ඔය අතරේ එහා කොනක දෙන්නෙක් සෙල්ෆි ගහනවා. සාමාන්‍යයෙන් සෙල්ෆි ගහන්නෙම නැති කෙනෙක් එහෙම දෙයක් කරද්දී ඒක අහඹුවක් නොවේද. එහෙම ඡායාරූප ගන්නේ මහේන්ද්‍ර පෙරේරා. මහේන්ද්‍ර නදී කම්මැල්ලවීර එක්කයි මෙලෙස ඡායාරූප ගත්තේ.

කෙනෙක් කෙනෙකුගේ ඡායාරූපයක් ගන්නවා. ඒ අවස්ථාව තවත් අයකු සේයාරුවට නඟා ගත්තා. පළමුව ඇති සේයාරුව එවැන්නක්. මහාචාර්ය පැටි‍්‍රක් රත්නායක ගැන ඔබ නොදන්න විදිහක් නැහැ. ඔහු කලක් රයිගම් විනිශ්චය මණ්ඩලයේ සභාපති පුටුව දැරුවා. මේ ඒ හිටපු සභාපති දැන් ඉන්න සභාපති ජයසුමන දිසානායකගෙ සේයාරුවක් තම ජංගම දුරකතනයෙන් ලබාගත් මොහොතයි. මහාචාර්ය පැට්‍රික් තමන්ව ඡායාරූපයට ගන්නවා ජයසුමන මහත්තයා දැක්කේ නැහැ. මේ සේයාරුව මහාචාර්ය පැට්‍රික් ගත්තේ මොකටද කියලා දන්නේ නම් නැහැ. හැබැයි මහාචාර්ය පැට්‍රික් කියන්නේ අති දක්ෂ ඡායාරූප ශිල්පියෙකු කියලා අපි දන්නවා.