වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




දිල්හානි බේර ගන්න සුනිල් ටී. මෙහෙයුමක්

දිල්හානි බේර ගන්න සුනිල් ටී. මෙහෙයුමක්

අප සිනමාවේ වයස අඩුවෙන් ගමන් කරන නිළියන් අතරේ දිල්හානි අශෝකමාලා ප්‍රමුඛස්ථානයක ඉන්නවා. ඇය එදා දැක්කා වගේමයි අදත්. සමහරු නම් කියන්නේ ඇගේ උපන් දිනය යෙදී තිබෙන්නේ අවුරුදු හතරෙන් හතරටලු. ඒකලු වයසට යන්නේ නැත්තේ. කෙහොම වුණත් දිල්හානි ඉකුත් දිනයකදී බිමට පතබෑවෙනවා. සුනිල් ටී. තමයි එහෙම නොවී ඇයව අල්ලා ගත්තේ. පසුගිය බ්‍රහස්පතින්දාවේ ඇය සිටින සේයා චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණා. ඒ වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාවට පැමිණි ඇය චිත්‍රපටය පටන් ගන්නකම් අසල ඇති බංකුවක වාඩි වුණා. සුනිල් ටී. ප්‍රනාන්දු සහ සහන් විජේසිංහත් එතැන වාඩි වුණා. තවත් අයකු බංකුවේ වාඩි වෙන්න ඇවිත් සමබරතාවය බිඳිලා ගියා. දිල්හානිව තමයි බිමට වැටෙන්න ගියේ. සුනිල් ටි. පැනලා ඇයව අල්ල ගත්ත. නැතිනම් දිල්හානි පැණි වරකාවක් වගේ බිම වැටෙනවා.