වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරයේ උණුුසුම සොයන යුවතිය ‘සේයා’

ආදරයේ උණුුසුම සොයන යුවතිය ‘සේයා’

නීරෝ ෆිල්ම්ස් වෙනුවෙන් තරංග අතුරලිය සහ ඒ. පාරිස් නිෂ්පාදනයකි 'සේයා'. කල්යාණ චන්ද්‍රසේකර තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ 'සේයා' සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී තිරගත විණි.

සිංහල සිනමාවට නව අරුතක් ගෙන එමින් ස්ත්‍රීවාදිත්වය ගොඩ නඟා චරිත රැසකින් 'සේයා' සිනමාපටය දිග හැරේ. ලාංකීය සිනමාවේ ප්‍රථම වරට කාන්තා චරිත නිරූපණයන් පමණක් යොදාගෙන නිර්මාණය වූ 'සේයා' චිත්‍රපටිය පසුගිය 15 වැනිදා සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවල් ඇතුළු සිනමාහල් රැසක ප්‍රදර්ශනය ඇරැඹිණි.

මංගල පහන් සිළු දල්වා මංගල දර්ශනයට ආශිර්වාද කරන්නට පැමිණියේ නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්නයන්ය.

මේ මංගල දර්ශනයේදී සරසවිය සොයා ගත් අලුත්ම සේයා තොරතුරුයි.