වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




රාජිගේ ගමනට වසර 22 ක්

රාජිගේ ගමනට වසර 22 ක්

රාජි මෙන්ඩිස් රඟපාන්නට ඇවිත් මේ වසරට වසර විසි දෙකක්. 1996 දී තම රංගන චාරිකාව ඇරැඹූ හෙතෙම විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක සිත් දිනාගත්තා. රාජිගේ රුව පැහැසරා නාට්‍යයේදී ඔබ නෙතු ගැටෙනවා ඇති. එමෙන්ම සුදු අඟුරු නාට්‍යයෙත් ඔහු චරිතයක් රඟපානවා.

එයට අමතරව මං තවත් නාට්‍ය කිහිපයකම රඟපානවා. විශේෂයෙන්ම මට හිමි වන්නේ පොලිස් චරිත. මට හිතෙනවා මගේ මුහුණෙහි ස්වභාවයට තමයි එවන් වූ චරිත ලැබෙන්නේ. ඒක නිසා මට කොණ්ඩය වවන්නත් බැහැ. වවන්නෙත් නැහැ. දිගින් දිගටම මට පොලිස් චරිතම ලැබේවි කියලත් හිතෙනවා. ලැබෙන කුමන හෝ අන්දමක චරිතයක් වුණත් මං රඟපාන්නේ ඉතාම සතුටින්. සුළු හෝ වේවා මට රඟපාන්න දෙයක් තියෙනවා නම් මම එය බාර ගන්නවා. ලොකු ද පොඩි ද කියනවාට වැඩිය ලැබෙන අවස්ථාවයි මට වැදගත් වෙන්නේ. කෝපි කඩේ මයිකල්ගේ චරිතයෙන් මාව හුඟක් ජනප්‍රිය වුණා. මඟ තොටේ බැහැලා ගියත් ආ මේ මයිකල් නේද කියලා අහපු උදවියත් හිටියා. එහෙම කියද්දී මට එක්තරා කතාවක් මතක් වනවා. මං දවසක් දා ලබුගම ෂූට් එකට ගියා මගේ යතුරු පැදියෙන්. මට පාර වැරදුණා. මං ළඟ ගෙදරක් ගාව නවත්වලා එතන හිටපු කෙනකුගෙන් පාර ඇහැව්වා. ඒ මනුස්සයා හෙල්මට් එකක් දාගෙන ඉන්න මගෙන් ඇහැව්වා මහත්තයා නළුවෙක් නේද කියලා. මට පුදුමයි බැලින්නම් ඔහු මාව හඳුනගෙන තියෙන්නේ කටහඬින්. මෝදර වැල්ල නාට්‍ය ඔහු බලලා තිබුණා. එහි මගේ චරිතයේ නම වාරකන්. මේ දවස්වල තිරගත වන කුසල් චිත්‍රපටයෙත් මං ඉන්නවා. මං එහි ග්‍රාම සේවක. ඒ වගේම ඉදිරියේදී තිරගතවීමට නියමිත සුරංග ද අල්විස්ගේ කිඩ්නැප් චිත්‍රපටයේ මං කතෝලික පියතුමෙක්.


මාරම්බරී සියය ඉරිදා දෙරණින්

විශාරද එඩ්වඩ් ජයකොඩියන්ගේ 'මාරම්බරී' 100 වැනි ප්‍රසංගය මාර්තු මස 25 වන ඉරු දින ටී. වී. දෙරණින් පස්වරු 1.00 සිට විකාශය වෙයි. විශාරද එඩ්වඩ් ජයකොඩියන්ගේ 'මාරම්බරි' ප්‍රසංගයේදී ගැයුණු ගීත සියල්ල ප්‍රේක්ෂක ඔබට රස විඳීමට ඉඩ සැලසෙනු ඇත. චින්තක ගම්ලත් ටී. වී. දෙරණ වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද සංගීතමය වැඩ සටහනකි 'මාරම්බරී'. මෙහි සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන් වන අතර යුග ගැයුමට චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ දූ සාරන්‍යාත්, පුතා චන්දීප ගැයුමට එක් විණි.


රාජ්‍ය ඡායාරූප උලෙළට ඡායාරූප ඕනෑ

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018 වර්ෂය සඳහා නිර්මාණ භාර ගනු ලැබේ.

රග අංශ 5 ක් යටතේ පැවැත්නෙ මෙම උලෙළ සඳහා අයදුම්පත් හා තරග විස්තර ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැක. නැතහොත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ඹඹඹ.ජභතබභපචතඤඥනබ.ඨධම.තඬ වෙබ් අඩවියෙන් බාගත හැකිය.


පානදුර ශ්‍රී විජය සහන පදනමේ සංගීත ප්‍රසංගය 24 දා

පානදුර වලාන ශ්‍රී විජය සහන පදනම මඟින් 4 වැනි වරටත් ඉදිරිපත් කරන සංගීත ප්‍රසංගය මෙම මස 24 වන දින සවස 5.00 ට එම පදනම් පරිශ්‍රයේදී පැවැත්වේ.

එදින ගායන ශිල්පීන් හා පදනමේ සාමාජිකයින්ගේ ගායන දායකත්වයෙන් සිදු කෙරේ. මෙහි සංගීතය මෙහෙයවීම යුද හමුදා සංගීත වාදක කණ්ඩායම වන අතර කථනයෙන් සජීව ලක්මාල් එක් වේ.

මීට සමගාමීව පදනමේ සාමාජිකයින්ගේ සුහද හමුවක් පැවැත්වේ.