වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සැරිසරන දින පොතක්

සැරිසරන දින පොතක්

නිශාන්ත කහවිට නමැති තැනැත්තාගේ රුව ඔබට අමතක වන්නට විදිහක් නැහැ. කලක් අතිශය ජනප්‍රිය රූපවාහිනී වැඩ සටහනක් වු සැරිසර නිවේදන කටයුතු කළේ ඔහුයි. වර්තමානය වන විට සැරිසර වැඩ සටහන නැති වුණත් නිශාන්තව මතකයේ තියෙනවා. මේ නිශාන්ත වර්තමානයේ ටෙලිකොම් ආයතනයේ පියෝ ටී වී සේවය කරනවා. ඔහු 2017 ලබද්දී අප මිතුරෙකට කෝල් එකක් දුන්නා. අවුරුද්දට විෂ් කරලා. නිශාන්ත මෙන්න මෙහෙම කියනවා.

මචං මං උඹට දෙන්න කැලැන්ඩරයකුයි ඩයරියකුයි තියෙනවා. ඒක මං ඔෆිස් එකට එවන්නම්.

යාළුවෙක් බොහෝ සෙයින් සතුටු වුණා. 2017 ජනවාරි ඉවර වුණා. කැලැන්ඩරයයි ඩයරියයි නැහැ. ආයෙත් පෙබරවාරි මාසයේ අර මිත්‍රයාට කතා කරලා නිශාන්ත අර ටිකම කිව්වා. අවුරුද්දත් අවසන් වුණා. නිශාන්තගේ ඩයරියයි කැලැන්ඩරයයි තවමත් මිනිහා ගාවා. ඔන්න 2018 ලබද්දිත් නිශාන්ත අර යාළුවට කතා කරලා විෂ් කරලා එහෙම ආයෙත් අර කැලැන්ඩර් කතාවම කියනවා. මිත්‍රයාට තද වුණා. එහෙත් බොහොම සාවදානව නිශාන්තට ඔහු මෙහෙම කිව්වා.

මචං මට 2018 එපා. අඩුම තරමේ 2017 උඹ මට දෙනවා කියපු කැලැන්ඩරයයි ඩයරියයි එවනවද. ඒක විතරක් මට ඇති.