වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න මෙවර ගෝල්ඩන් ග්ලෝබ්

ලොව ජනප්‍රිය සිනමා සම්මාන උලෙළක් වන ගෝල්ඩන් ග්ලෝබ් සිනමා - ටෙලිවිෂන සම්මාන උලෙළ පසුගිය 07 වැනිදා කැලිෆෝනියාවේ බෙවර්ලි හිල් හිදී පැවැත්විණි. මෙවර සම්මාන උලෙළ මෙහෙය වූයේ අමෙරිකානු හාස්‍ය රංගන ශිල්පී සෙත් මේයර්ස් විසිනි.

මේ වසරේ පැවැති 75 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී The Shape of Water චිත්‍රපටය වැඩිම සම්මාන සංඛ්‍යාවකට (07) නිර්දේශ ලබා තිබුණ ද වැඩිම සම්මාන සංඛ්‍යාව ලෙසින් සම්මාන හතර බැගින් දිනා ගැනීමට මාර්ටින් මැක්ඩොනාග් අධ්‍යක්ෂණය කළ Three Billboards Outside Ebbing, Missouri චිත්‍රපටය සහ Big Little Lies රූපවාහිනි කතා මාලාව සමත් විය. එසේම ගැරී ඕල්ඩ්මන් සිය හතලිස් වසරක රංගන ජීවිතය තුළ ප්‍රථම ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගැනීමත් මෙවර උලෙළේ විශේෂත්වයක් විය.

හොඳම චිත්‍රපටය (නාටකීය) - Three Billboards Outside Ebbing, Missouri

හොඳම නිළිය - ෆ්‍රාන්සස් මැක්ඩොමාන්ඩ් (Three Billboards Outside Ebbing, Missouri

හොඳම නළුවා - ගැරී ඕල්ඩ්මන් (Darkest Hour)

හොඳම චිත්‍රපටය (හාස්‍ය/ සංගීතමය) - Lady Bird

හොඳම නිළිය (හාස්‍ය/ සංගීතමය) - සඔයිර්ස් රෝනාන් (Lady Bird)

හොඳම නළුවා (හාස්‍ය/සංගීතමය) - ජේම්ස් ෆ්‍රැන්කෝ (The Disaster Artist)

හොඳම සහය නිළිය (හාස්‍ය/ සංගීතමය) - ඇලිසන් ජානේ ( I,Tonya)

හොඳම සහය නළුවා (හාස්‍ය/ සංගීතමය) - සෑම් රොක්වෙල් (Three Billboards Outside Ebbing, Missouri)

හොඳම අධ්‍යක්ෂණය - ගුයිලර්මෝ ඩෙල් ටෝරෝ (The Shape of Water)

හොඳම තිරරචනය - මාර්ටින් මැක්ඩොනාග් (Three Billboards Outside Ebbing, Missouri)

හොඳම ස්වීය ගීතය - “This Is Me”

හොඳම සංගීතය - ඇලෙක්සැන්ඩර් බෙස්ප්ලැට් (The Shape of Water)

හොඳම විදෙස් චිත්‍රපටය - In the Fade (ජර්මනිය / ප්‍රංශය)

හොඳම සජීවකරණ චිත්‍රපටය - Coco

හොඳම ටෙලිවිෂන මාලා නාටකය - The Handmaid’s Tale
 

හොඳම නිළිය

(ටෙලිවිෂන - මාලා නාටක) - එළිසබෙත් මෝස් (The Handmaid’s Tale)

හොඳම නළුවා

(ටෙලිවිෂන - මාලා නාටක) - ස්ටර්ලින් කේ. බ්‍රවුන් (This Is Us)

හොඳම ටෙලිවිෂන මාලා නාටකය (හාස්‍ය/ සංගීතමය) - The Marvelous Mrs. Maisel

හොඳම නිළිය (හාස්‍ය/ සංගීතමය) - රැචෙල් බ්‍රොස්නන් (The Marvelous Mrs. Maisel)

හොඳම නළුවා (හාස්‍ය/ සංගීතමය) - අසිස් අන්සාරි (Master of None)

හොඳම නළුවා - ඒකාංගික හෝ ටෙලිවිෂන චිත්‍රපට - එවන් මැක්ග්‍රෝවර් (Fargo)

හොඳම නිළිය - ඒකාංගික හෝ ටෙලිවිෂන චිත්‍රපට - නිකොලේ කිඩ්මෑන් (Big Little Lies)

හොඳම සහය නළුවා - ඒකාංගික හෝ ටෙලිවිෂන චිත්‍රපට - ඇලෙක්සැන්ඩර් ස්කාර්ස්ගාඩ් (Big Little Lies)

හොඳම නිළිය ඒකාංගික හා ටෙලිවිෂන චිත්‍රපටය - ලෝරා ඩර්න් (Big Little Lies)

හොඳම ඒකාංගික හා ටෙලිවිෂන චිත්‍රපටය - Big Little Lies