වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




අඩු O/L

අඩු O/L

මේ දවස්වල චිත්‍රපට ශාලා හරියට අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දීලා වගේ. එක පැත්තකින් පහ සමත්. අනෙක් පැත්තෙන් ඒලෙවල්. මේ චිත්‍රපට යුගල හරිහරියට තිරගත වෙනවා. ඇතැම් අය කියනවා මෙතන අඩු ඕවෙලවල් විතරයි කියලා. මෙම චිත්‍රපට ගැන නොයෙක් දෙනා නොයෙක් කතන්දර හදල අන්තර් ජාලයට ඇතුළත් කරලා තියෙනවා. එහෙම නිර්මාණයන් යුගලක් අපගේ ඊමේල් ලිපිනයටත් ඇවිත් තිබුණා. පහ සමත් තිරගත වන සී. ඊ. එල්. මණ්ඩලය මඟින් තමයි ඒවා අපට එවා තිබුණේ. බලන්නකො කියවලා. මොනවා වුණත් එම නිර්මාණ නම් හරිම රසවත් නේද.