වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

පියෝ ටී වී ආයතනය මඟින් පසුගියදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියා වෙනුවෙන් උපහාර උලෙළක් පැවැත් වුණා. ඊට සහභාගි වුණා අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිණිය වන අයිරාංගනී සේරසිංහ. එහි දී ඇයව පිළිගත්තේ ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා. ඔහු අයිරාංගනී සේරසිංහ මහත්මිය පිළිගත්තේ වැඳ නමස්කාර කරමින්.

මේ ජ්‍යෙෂ්ඨ රංගනවේදිනියට නැතහොත් රංගනයේ මාතාවට එලෙස ගෞරවය පුදකළේ පූජාච පූජනීයානං වදන සිහිකරමින්. පසෙකින් ටෙලිකොම් සමූහ අලෙවි හා ප්‍රධාන විධායක නිලධාරි අජන්ත සෙනෙවිරත්න.