වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අකුරු උගනී කුමරු සොඳවා

අකුරු උගනී කුමරු සොඳවා

සිඟාකෑම ඔවුන්ගේ ජීවිකාව විය. දින සති එලෙස ගෙවී ගියේය. පාසල් යාමේ ආසාව සූකිරි මැඩගෙන සිටියේ මහත් අසීරුවෙනි. එක්තරා තැනකදී ඔහු පාසලට හොරෙන් ඇතුළුවන්නේ ඒ ආසාව තවදුරටත් පාලනය කරගත නොහැකිවූ මොහොතකය. අවසානයේ පාසලේ විනය පාලක ගුරුවරයා විසින් අල්ලා ගන්නා සූකිරි විදුහල්පති ගාවට රැගෙන යයි.

සූකිරිගේ විස්තර අසනා විදුහල්පතිට ඔහු පිළිබඳ අනුකම්පාවක් ඇතිවෙයි. එහෙයින් සූකිරිට භාරකරුවෙකු සමග පැමිණෙන්නැයි විදුහල්පති පවසයි. සූකිරි සැනින් ආච්චිව සොය දුව එයි. එහෙත් අවසානාව තවමත් සූකිරි සොයා ඒම නැවතී නැත. ඔහුගේ සියලුම බලාපොරොත්තු සුන්වී යන්නේ එදිනම හෘදයාබාධයකින් ආච්චි මියගොස් සිටිනු දැකීමෙනි. මෙලොව තනිවන සූකිරි පොත් විකුණා ජීවිතය ගැටගසා ගැනීමට පටන් ගනියි. ඒ අතරතුරදී අහම්බෙන් පාසලේ විදුහල්පතිවරයා මහමගදී හමුවෙයි.

සූකිරගේ දෛවය වෙනස් වන්නේ ඒ මොහොතේදීය. ඔහුව හඳුනාගන්නා විදුහල්පතිව‍රයා සූකිරිව තම නිවසට රැගෙන එන්නේය. විදුහල්පතිවරයා සූකිරිට සලකන්නේ තම දරුවෙකුට පරිද්දෙනි. ඒ ඔහුගේ පවුලට දරු සම්පත අහිමිවීම හේතුවෙනි. එහෙත් විදුහල්පතිගේ බිරිය සූකිරිට කෙනහිලිකම් කරන්නේ විදුහල්පතිටද දොස් පවරමිනි.

මේ නිවසේ සිටින එක්තර අයෙකු සූකිරිට විශේෂ වෙයි. ඒ විදුහල්පති බිරියගේ මවයි. දුර්ලභ රෝගයකින් පෙළෙන ඇයගෙ දෙඅත් පණ නැතිය. සූකිරිට ඇය දකින වාරයක් පාසා ඔහුගේ ආච්චි මතක් වන්නේය. විදුහල්පති බිරියගේ මව ඇයගේ දෑත අප්‍රාණිකවීම ගැන කනස්සල්ලෙන් පසුවන්නේය. සූකිරිගේ සැඟවුණු දක්ෂතා මතුවන්නට පටන්ගන්නේ එතැන්දීය.

විදුහල්පතිගේද උදව් ඇතිව තම ඥානය දියුණු කරගන්නා සූකිරි විදුහල්පති බිරියගේ මවගේ දෑත ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට හැකි උපකරණයක් සෑදීමට පටන්ගන්නේය. නිවසේ අන් අයට එය විහිළුවක් බවට පත්වුවත් සූකිරි සිය කාර්යය නවත්වන්නේද නැත. මේ හේතුවෙන් සූකිරි පැටලෙන්නේ නොසිතූ සිදුවීමකටය. අවසානයේ ඔහුට සිදුවන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවු තැනකට යන්නටය.

“ඉස්කෝලෙට මං ආවා” ළමා සිනමාපටයේ කතා සාරාංශය එසේය. අධිෂ්ඨානය, කැපවීම සහ උත්සාහය ඇතනම් කළ නොහැකි දෙයක් නැත. ඒ ආදර්ශය ලබා දෙමින් නිර්මාණය වූ “ඉස්කෝලෙට මං ආවා”හි කතා සංකල්පය හා නිෂ්පාදනය සඳුන් දොලමුල්ලගෙනි. තිර රචනය සහ අධ්‍යක්ෂණය ප්‍රසාද් සමරතුංගගෙනි.

“ඉස්කෝලෙට මං ආවා” නළුනිළියන්

කුමාර වඳුරැස්ස, එඩ්නා සුගතපාල, රොෂානා ඔන්‍ඩච්චි, රජිත හිරාන් චාමිකර (පිංපොං), උපුල් වීරසිංහ (උපුල් මාමා), උදිත් අබේරත්න, තේජා නදීශානී, ජයතිස්ස අතුලසිරි, සමන්ති ලැනරෝල්, ජගත් ඇපලදෙනිය, අරුණ ධම්මික, සුජීව රොහාන්, රොහාන් පාවුලු

ළමා නළුනිළියන්

විරාජ් මධුශාන් ,ශයිනි රෝචනා නෙත්තිකුමාර, තිරාජ් දෙව්මිණ කුමාරසිංහ, කුසල් වීරමන්ත්‍රී, දෙනුර වීරසිංහ, නිම්න වර්ෂන

නිෂ්පාදන පිරිවර

කැමරා අධ්‍යක්ෂණය - සුමිත් කුමාරගෙ

සංස්කරණය - ශාන් අල්විස්

සහාය අධ්‍යක්ෂණය - ප්‍රසන්න විජේසිංහ

නිෂ්පාදන සම්බන්ධීකරණය - රන්ජන් ප්‍රසන්න

නිෂ්පාදන කළමනාකරු - සුජීව රොහාන්

කලා අධ්‍යක්ෂණය - අශෝක චාමින්ද වාස්

සහාය කලා අධ්‍යක්ෂණය - ප්‍රසන්න

අංග රචනය - රසික තෙන්නකෝන්

අංග රචනා සහාය - උපේක්ෂ

සංගීත අධ්‍යක්ෂණය - උදාර සමරවීර