වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ටාසන් ගල්හේන

ටාසන් ගල්හේන

මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමාපටයක් ලෙස ඩී. බී. නිහාල්සිංහයන්ගේ වැලිකතර හඳුන්වා දෙන්න පුළුවන්. එය මේ වන විට ඩිජිටල්කරණයට ලක් කොට තිබෙනවා. එලෙස නිර්මිත වැලිකතර සිනමාපටයේ නව පිටපතක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී තිරගත කළා. වැලිකතරට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් මේ සඳහා එක් වී සිටිනු දක්නට ලැබුණා. චිත්‍රපටයේ ටාසන් නම් දාමරිකයකුගේ චරිතයක් රඟපෑවේ එවකට තරුණ වියේ සිටිි ජි. ආර්. පෙරේරාය. හැබැයි චිත්‍රපටයේ නාමාවලියේ ජී. ආර්. ගේ නම තිබුණේ නැහැ. කෝ උඹේ නමවත් නෑනේ එකෙකු විහිළුවට වගේ ඇසුවා. ඔය තිබුණේ. ජී. ආර්. ගාණක් නැතුව පැවසුවා. චිත්‍රපට නාමාවලියේ එන නමක් තමයි රත්නපාල ගල්හේන. බලනකොට රත්නපාල ගල්හේන කියන්නේ ජී. ආර්.ට. ජී. ආර්. ඒ කාලේ නම භාවිත කරලා තියෙනනේ එහෙම. ගල්හේන කියනඑක ජී ලෙසටත්, රත්නපාල කියන එක ආර් ලෙසටත් ඔහු කෙටි කරලා. එහෙම තමයි ජී. ආර්. ගේ වත්මන් නම හැදිලා තියෙන්නේ.