වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ලකීගේ අලුත් සුබපැතුම

ලකීගේ අලුත් සුබපැතුම

පසුගිය හතර වැනිදා යෙදුණේ හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ගේ උපන් දිනය දා එතුමන්ට බොහෝ දුරකතන ලැබුණා. ඒ අතර ලකී ඩයස් එතුමාණන්ට දුරකතන ඇමතුමක් දුන්නා. අනෙක් අන්තයෙන් එයට පිළිතුරු ලබාදීලා තියෙන්නේ පීරිස් මහත්මිය. ඒ ළඟ ලෙස්ටර් මහත්තයා ඉඳලා. මේ කතා කරන්නේ ලකී කියලා දැනගත්තු ගමන් ලෙස්ටර් මහත්තයා දුරකතනය ඉල්ලා ගත්තලු.

හෙලෝ මයි ඩාලිං සර්. හැපි බර්ත් ඩේ ටු යූ.
ලකී එක සැරයටම එහෙම කියලා.
ඇම් අයි යුවර් ඩාලිං? එතකොට මම ද ලකීගෙ ඩාලිං.
ලෙස්ටර් මහත්තයා එහෙම අහලා තියෙන්නේ සිනහවකුත් මුවෙහි නඟාගෙන.
ඔව් සර්, සර් තමයි මගේ ඩාලිං . . . ඇයි මට එහෙම කියන්න බැරිද?
ලකී එහෙම අහලා. ඒකටත් ලෙස්ටර් මහත්තයට හොඳටම හිනාලු.

ලකීත් එක්ක සෑහෙන වෙලාවක් සුහදව ලෙස්ටර් මහත්මයා කතා කරමින් ඉඳලා. මෙවන් වයසක් ගෙවමින් සිටියදීත් ලෙස්්ටර් මහතා සතු ජවය හා ශක්තියට ලකීට පුදුමත් හිතුණලු. ඒ සංවාදය අවසන් වණේ ලකීගේ ඩාලිං කතාව සරසවියට කියන්න කියලා ලෙස්ටර් මහතා සඳහන් කිරීමෙන් අනතුරුවයි.