වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




මේ නම් මේ නම් Mistake එකක්

මේ නම් Mistake එකක්

කලක් සිනමාවේ කැපී පෙනෙන චරිතයක් දෙකක් කරපු ක්‍රීඩාශීලී කෞශල්‍යයකින් යුත් උස මහත නිළියක් මේ ඊයෙ පෙරේදා දවසක අපට කතා කළේ ආවේගයෙන්. ඇය අපට චෝදනාවක් එල්ල කළා. ඒ පසුගිය සරසවිය සම්මාන උලෙළේ සමරු කලාපයට ඇය ගත් සම්මාන පිළිබඳ සඳහනක් කොට නැහැයි කියලා.

දුරකථනය අතට ගත්තු අපේ මාධ්‍යවේදියා බොහොම කාරුණිකව ඇයට කතා කරලා තියෙනවා. හැබැයි ඇය නම් පිපිරුවාලු. බලන කොට මිස්ටේක් එක ඇයගේමයි. සඟරාවේ ඇගේ නම නූලට රූලට තිබිලා. පටන්ගන්න කොට මිස්ටේක් ගැන බැණ වැදුණු ඈ ඊට පස්සේ ඩෝං ගාලා ෆෝන් එක අතඇරියලු. හරියට වැරැද්ද අපේ වගේ.

අපේ ඉතින් තරහක් නෑ. ඔහොම තමයි හැටි කියාල අපි දන්නවා. හැබැයි හොයලා බලලා කතා කළා නම් කොච්චර එකක්ද.