වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




හතර වංශෙ හතර දෙනා

හතර වංශෙ හතර දෙනා

හතර කිව්වොත් සිංහල සිනමාවට හුරු එකක්. හතර දෙනාම සූරයෝ, හතර කේන්දරේ, හතර වටේ, හතර මහ නිධානය, හතර පෙරළිය කියාගෙන යනකොට පෙනෙනවා. වැලිකතර ඩිජිටල් පුනරුත්පත්ති දවසෙත් හතරක් හිටියා. මේ හතර දෙනාම සූරයෝ වගේ. එකිනෙකාට දෙවැනි නැහැ. මේ හතර දෙනා තමයි සමන් ආතවුදහෙට්ටි, ආචාර්ය රෝහණ වීරසිංහ, ප්‍රේම් දිසානායක සහ රවීන්ද්‍ර ගුරුගේ. ඒ අය සංවිධානයක් හදලා ෆෝ ඉන් වන් කියලා. වැලිකතර සිනමාපටය ඩිජිටල් කොට ප්‍රදර්ශනය කළ උත්සවයත් මේ හතර දෙනාගේ සංවිධානයක්. අප ඒ සූරයෝ හතරදෙනාට සුබ පතනවා කලා ලොවේ කළ යුතු වැදගත් කාර්යන් බොහොමයක් සාර්ථකව කිරීමට හැකි වේවා කියලා.