වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

ප්‍රවීණ සිනමාකරු වසන්ත ඔබේසේකරට නිවන් සුව

1967 දී සත් සමුදුර චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙමින් සිනමාවට පිවිස වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, දියමන්ති, සලෙලුවරම, පලගැටියෝ, දඩයම සහ කැඩපතක ඡායා වැනි විශිෂ්ට සිනමා නිර්මාණ සිංහල රිදී තිරයට දායාද කළ වසන්ත ඔබේසේකර සිනමා අධ්‍යක්ෂවරයෙකු සේම නිෂ්පාදකයෙකු, තිර රචකයෙකු ලෙසින්ද අනභිභවනීය මෙහෙවරක් ඉටු කළේය. වටිනා නිර්මාණ රැසක් දායාද කර දැයෙන් සමුගත් ඔබේසේකරයන්ට නිවන් සුව පතමු.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල


අහිංසක චරිතය

අයෝධ්‍යා මිහිරාවි 'වරා' මලී ටෙලි නාට්‍යෙයන් පසුව දැක්කේ නැහැ. 'පබළු' ටෙලි නාට්‍යෙය්ත් ඔබේ රංගනය විශිෂ්ටයි. සුන්දර රූසපුවක් හිමි ඔබ තවත් අහිංසක චරිතයකින් පුංචි තිරයේ දකින්න ආසයි.

ජේ. ඒ. යූ ජයසූරිය

පුත්තලම


වීණා ජයකොඩිට නිසි ඇගයුම දෙන්න

සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක වන වීණා ජයකොඩි ඇගයීමට ලක්වූවා මදි බව මගේ හැඟීමයි. ඉදිරියේදී හෝ ඇය නිසි ඇගයීමට ලක්වේවා.

නිමල් කුලසේකර

අඟුලාන


හදවත් කම්පනය කළ ආලකමන්දාව

ජාතික රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන 'ආලකමන්දාව' වැඩසටහනෙන් ප්‍රචාරය කෙරුණු අමරණීය කලාකරු විජය කුමාරණතුංගයන්ගේ අනුස්මරණ වැඩසටහන අප හදවත් කම්පනයට පත් කළා. ආදරණීය විජය වෙනුවෙන් රූපමය උපහාරයට නිෂ්පාදිකා විනීතා කරුණාරත්න වෙත සහෘද අපගේ ස්තූතිය.

ජයන්ත් ඉන්ද්‍රජිත්

කළුබෝවිල


සුපුරුදු දුෂ්ටයා වෙනස් මානයකට

70 දශකය පුරා දකින්නට ලැබුණු සුපුරුදු දුෂ්ටයාගේ චරිතය 'උලත් එකයි පිලත් එකයි' චිත්‍රපටය හරහා වෙනස් මානයකට ගෙන ගිය දර්ශන් ධර්මරාජ් නිහතමානි කලාකරුවෙකි.

චාමර මනෝජ්

දෙනුවන් මාධව

පන්සල පාර

හන්වැල්ල


විරහ ගී ලොව දිලෙන තරුව

අප්‍රේල් මස 07 වැනිදාට යෙදෙන විරහ ගී ලොව සැමදා දිලෙන තරුව මිල්ටන් මල්ලවාරච්චිගේ 73 වැනි ජන්ම දිනය ආදරයෙන් සිහිපත් කරමි. මිල්ටන් මල්ලවාරච්චි ගීත කලාව ඉදිරියට ගෙන යන රනිල් සහ පවන් පිය - පුතු දෙපළට මගේ උපහාරය.

ඉන්ද්‍රාණි

දඹුල්ල


රාසි අන්වර්ගේ තොරතුරු ගෙන එන්න

'ජනේලය' චිත්‍රපටයේ ළමා නළුවකු ලෙසින් මතකයේ රැඳෙන රංගනයක් ඉදිරිපත් කරමින් සිනමාවට පිවිසි රාසි අන්වර් ඉන් පසුව 'පාලම යට', 'අරගලය', 'විසිදැල' වැනි චිත්‍රපටවල කැපී පෙනන රංගනයක් ඉදිරිපත් කිරීමට සමත් විය. ඔහු සිනමාවෙන් සමුගෙන බොහෝ කලක් ගත වී ඇතත් ඔහුගේ තොරතුරු දක්වමින් සරසවිය පුවත්පතේ ලිපියක් පළ කරන්නේ නම් මැනවි.

රුවින්ද කොල්ලුරේ

මීගොඩ

හෝමාගම


චන්දන සූරියබණ්ඩාරට

සුබ පැතුම්

අප සමාජය තුළ බොහෝ දුරට වියැකී යන සාමාන්‍ය දැනුම නැවතත් යාවත්කාලීන කරන්නට 'ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති' වැඩසටහන විශාල පිටුවහලකි. මෙම වැඩසටහනට මනා ජීවයක් දෙමින් එය ඉදිරියට ගෙන යාමට විශාල මෙහෙවරක යෙදී සිටින චන්දන සූරියබණ්ඩාරට හදපිරි සුබ පැතුම්.

එච්. ඉන්ද්‍රපාල

සංඝමිත්තා මාවත

මුංහේන


ලාබ සිනාවෙන් හද සැනසූ

ලාබ සිනාවෙන් අප හද සැනසූ ඔබේ ගීත ඉතාම මිහිරියි සුභානි හර්ෂණි අක්කේ, ඉදිරියේදීත් තවත් එවැනිම සුන්දර මිහිරි ගීත ලාංකේය ගීත ක්ෂේත්‍රයට දායාද කරමින් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.

අම්රිතා රාධීව්

මල්වත්ත, කිතුල්ගල


භයංකාරම සිනමා පටය

යාග - හෝම, හදි හූනියම්, දිෂ්ටි ගැන කියන අතිශය භයංකාර කතාපුවතක් ගෙන එන උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණව කළ 'බන්ධනය' චිත්‍රපටය මෙරට සිනමාවට වෙනසක් ගෙන ආ චිත්‍රපටයකි. ඒ සඳහා රංගනයෙන් එක් වූ සැමටත් තාක්ෂණික කණ්ඩායමටත් නිෂ්පාදකවරුන් ඇතුළුව අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියටත් අපගේ ප්‍රශංසාව පිරිනමමු. එමෙන්ම 'බන්ධනය' චිත්‍රපටය අතිසාර්ථක අන්දමෙන් තිරගත වේවායි පතමි.

අසේල ලියනගේ

ඇරැව්වල

පන්නිපිටිය


ජොජ් රොබ්සන්ට සුබ පැතුම්

කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලද ජොජ් රොබ්සන් ද සිල්වාට සුබ පැතුම්.

ජානක මධුසංඛ

දංකොටුව


ප්‍රියන්ත සිනමාවට එන්න

හාස්‍ය උපදවමින් අපූරු රංගනයන්හි යෙදෙන ප්‍රියන්ත සෙනෙවිරත්න සිනමාවේ නැවතත් දකින්න ආසයි. පුංචි තිරයේ සේම රිදී තිරයේත් ඔබේ රංගන ගමන අති සාර්ථක වේවායි පතමි.

කසුන් සිරිවර්ධන

වැලිමඩ


කතා බහට ලක් වූ මහේෂි

මුතුවරුසා, පිපෙන මල් වැනි ටෙලි නිර්මාණ සේම ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේද කතා බහට ලක් වූ මහේෂි මධුසංඛා අපේ රංගන ක්ෂේත්‍රෙය් සුරූපි රංගන ශිල්පිනියකි. මේ දිනවල 'පැහැසරා' ටෙලි නිර්මාණයේ ඔබේ රංගනය අගයමි.

හෙට්ටිආරච්චි

රාගම


නව පරපුරේ ප්‍රමුඛයා

නව පරපුරේ බිහි වූ රංගන ශිල්පිනියන් අතරේ තාරුකා වන්නිආරච්චිට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. කලා ලොවේ දිගු ගමනක් යාමට ඔබට සුබ පැතුම්.

චමිලා චාන්දනී

තඹගල්ලවත්ත

මැදගම


හාරකෝටියේ සාරංග

සාරංග පුතේ 'හාරකෝටිය' ටෙලි නිර්මාණයේ ඔයාගේ රංගනය අති විශිෂ්ටයි. ඔබේ දක්ෂතාවයන් තව තවත් වැඩි දියුණු කරගෙන කලා ලොවේ තව තවත් ඉදිරියට යන්නත් ජනතා සම්මාන සේම තව තවත් සම්මානයන්ගෙන් පිදුම් ලබන්න වාසනාව උදා වේවා.

රම්‍යමාලා

රත්මලාන


නැතුවම බැරි ඒ ගී හඬ

70 - 80 දශකයේ සිංහල සිනමාවේ අමතක නොවන ගී හඬ හිමි වූයේ සුජාතා අත්තානායකටයි. වර්තමානයේ සිංහල සිනමාවේ එම ස්ථානය ලබා ගැනීමට නිරෝෂා විරාජිනිහට අවස්ථාව ලැබී ඇත. ඇත්තෙන්ම අද සිනමාවට ඔබේ මියුරු ගී හඬ නැතුවම බැරි වෙලා. සම්මානපිට සම්මාන ලබමින් ඉදිරියටම යන්න හැකියාව ලැබේවා.

එස් වීරසිංහ

අනුරාධපුර


නවකයන්ට ආදරයෙන්

වර්තමානයේ නවීන තාක්ෂණය ඇත. නවකයන්ට තම හැකියාවන් පෙන්වීමට අවස්ථාද බොහෝය. එහෙත් සුපිරි ගායන තරගවලට ඉදිරිපත්වන අපේ තරුණ පිරිසෙන් බොහොමයකට සුබ අනාගතයක් ගොඩනඟා ගැනීමට නොහැකිව සිටින බව පෙනේ. ඔවුහු තරගවලදී පැරණි ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගී ගයා පසුවටද ඒ මතම යැපෙන්නට වෙර දරති. මීට දශක තුනකට පමණ එහා බිහි වූ ධර්මදාස වල්පොල ජෝති, මිල්ටන්, බෙග් මාස්ටර්, එම්. එස්, සී. ටී, ලතා, සුජාතා, ඇන්ජලීන් වැනි ගායක ගායිකාවන් ගායන ලොව කිරුළු පැළඳීයේ තමන්ගේම නිර්මාණවලිනි. දක්ෂතාවය හිමි ඔබවත් තමන්ගේම පිය සයහන් තබමින් සාර්ථක ගමනක යෙදෙන්නේ නම් මැනවි.

ඈන් නිලන්ති ප්‍රදීපිකා

නැගෙනහිර අංගම්පිටිය

වයික්කාල