වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අමීර් ඛාන්ගේ දංගල් සම්මාන දිනයි

අමීර් ඛාන්ගේ දංගල් සම්මාන දිනයි FILMFARE

62 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ පසුගිය 14 වැනිදා අති උත්කර්ශවත් අයුරින් මුම්බායිහිදී පැවැත්විණි. එහිදී හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කළ Dangal චිත්‍රපටය යි. රාම් මධ්වානි අධ්‍යක්ෂණය කළ  Neerja චිත්‍රපටයට හොඳම චිත්‍රපටයට හිමි ජූරියේ සම්මානය පිරිනැමුණි. මෙවර සිනමා උලෙළේ වැඩිම නිර්දේශ සංඛ්‍යාව ලෙසින් සම්මාන 09කට නිර්දේශව තිබූ Ae Dil Hai Mushkil සහ Udta Punjab  අබිබවමින් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගන්නා ලද්දේ Neerja සහ Kapoor and Sons චිත්‍රපටයන්ය. එම චිත්‍රපට සම්මාන 05 බැගින් දිනා ගන්නා ලදී.


එසේම හොඳම නළුවා සහ නිළියට හිමි සම්මාන වෙනුවෙන්ද දැඩි තරගකාරිත්වයක් තිබෙනු දක්නට ලැබිණි. අමිතාබ් බච්චන්, රන්බීර් කපූර්, සල්මන් ඛාන්, ශාරුක් ඛාන්, ෂහීඩ් කපූර්, සුෂාන්ත් සිං රාජ් පුත් අතරින් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ Dangal  චිත්‍රපටය වෙනුවෙන් අමීර් ඛාන් විසිනි. ඓෂ්වර්යා රායි බච්චන්, අනුෂ්කා ෂර්මා, සෝනම් කපූර් විද්‍යා බාලන් අබිබවා හොඳම නිළියට හිමි සම්මානය Udta Punjab චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ආලියා භාත් විසින් හිමිකර ගත්තාය. කපිල් ශර්මා, කරන් ජොහාර් සහ ෂාරුක් ඛාන් මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ ඉදිරිපත් කිරීමට දායක විය.

හොඳම චිත්‍රපටය - Dangal
හොඳම අධ්‍යක්ෂණය - නිතේෂ් තිවාරි (Dangal)
හොඳම නළුවා - අමීර් ඛාන් (Dangal)
හොඳම නිළිය -ආලියා භාත් (Udta Punjab)
හොඳම සහය නළුවා - Rishi Kapoor (Kapoor & Sons)
හොඳම සහය නිළිය - ශභානා අස්මි (Neerja)
හොඳම නැඟි එන නළුවා - දිල්ජිත් දොසාන්ජ් (Udta Punjab)
හොඳම නැඟි එන නිළිය - රිතිකා සිංග්  (Saala Khadoos)
හොඳම සංගීත අධ්‍යක්ෂණය - ප්‍රීතම් (Ae Dil Hai Mushkil)
හොඳම පද රචනය - අමිතාබ් භට්ටාචාර්ය ("Channa Mereya" -
Ae Dil Hai Mushkil)

හොඳම ගායකයා - අර්ජිත් සිං (Ae Dil Hai Mushkil)
හොඳම ගායිකාව - නේහා භාසින් (Sultan)
හොඳම නළුවා (ජූරිය)- මනෝජ් බජ්පායි (Aligarh)  සහ
ෂහීඩ් කපූර් (Udta Punjab)
හොඳම නිළිය (ජූරිය)- සෝනම් කපූර්  (Neerja)
හොඳම අධ්‍යක්ෂණය (ජූරිය) - රාම් මධ්වානි  (Neerja)
හොඳම තිරරචනය - ශකුන් භත්‍රා සහ අයේෂා දිවාත්‍රි
(Kapoor & Sons)
හොඳම කතාව - ශකුන් භත්‍රා සහ අයේෂා දිවාත්‍රි
(Kapoor & Sons)
හොඳම දෙබස් - රිතේෂ් ෂා (Pink)
හොඳම කැමරාකරණය - මිතේෂ් මිර්චන්ද්‍රාණි (Neerja)
හොඳම සංස්කරණය - මොනිෂා බල්ද්වා (Neerja)
හොඳම ඇඳුම් නිර්මාණය - පායල් සලූජා  (Udta Punjab)
හොඳම සටන් ජවනිකා - ශ්‍යාම් කෞෂාල්  (Dangal)
හොඳම පසුතල නිර්මාණය - සමීර් උදීන්
(Kapoor & Sons)
හොඳම දෘශ්‍ය ප්‍රයෝග - රෙඩ් චිලීස් (Fan)
හොඳම නැඟි එන අධ්‍යක්ෂවරයා -
අශ්විනි තිවාරි (Nil Battey Sannata)
ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මානය -
සතෘගන් සින්හා


රිතික් රොෂාන් රඟන Kaabil නොමිලේ බලන්න සරසවිය අරන් එන්න

රිතික් රෝෂන් රංගනයෙන් දායක වන නවතම බොලිවුඩ් චිත්‍රපටය Kaabil චිත්‍රපටය ජනවාරි 25 වැනිදා සිට ලොව පුරා තිරගත කිරීමට සුදානම්. සන්ජේ ගුප්තා විසින් අධ්‍යක්ෂණය කළ එහි නිෂ්පාදනය රිතික්ගේ පියා රාකේෂ් රෝෂන් විසින් සිදු කර ඇත. දෑස් නොපෙනෙන දෙදෙනෙකු අතර වූ සුන්දර ආදර කතාවක් ගෙන එන Kaabil ජනවාරි 25 වැනිදා සිට මෙරට සිනමාහල් කිහිපයකද තිරගත කෙරේ.

රිතික් රෝෂන් සමඟින් යමී ගෞතම්, රෝනිත් රෝයි සහ රෝහිත් රෝයි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. මෙම චිත්‍රපටයේ එන "Haseeno Ka Deewana" ගීතය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අන්තර්ජාලයට එක් කළ අතර මිලියන පහලොවකට අධික පිරිසක් විසින් එය නරඹා තිබුණි. ඉන්දීය රුපියල් මිලියන 350ක වියදමින් නිමැවුණු Kaabil දෙමළ සහ තෙළිඟු භාෂාවලින්ද හඬ කවා ඇත.




 

Kaabil සිනමා පටය නැරඹීමට ලිබර්ටි ලයිට් - කොල්ලුපිටිය, විස්ටා ලයිට් - ජා-ඇල, ස්කයි ලයිට් - මාතර, ඇමිටි ලයිට් මහරගම - දිනූෂා - නාවලපිටිය - සහ නිකාඩෝ - කඩවත සිනමාහල් වෙත සරසවිය පුවත්පත රැගෙන එන දෙදෙනෙකුගෙන් එක් අයෙකුහට නොමිලයේ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලැබේ.