වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




නොමළ ගෙයකින් අබ සොයා ගිය කිසා ගෝතමියකගේ හෘද සාක්ෂිය

නොමළ ගෙයකින් අබ සොයා ගිය කිසා ගෝතමියකගේ හෘද සාක්ෂිය

ප්‍රසන්න ජයකොඩිගේ සිනමා නිර්මාණය

පාපොච්චාරණය කෙබඳුද? හිතට එකඟව එබඳු පාපොච්චාරණයක යෙදිය හැක්කේ කාටද? සුද්දි දැන් මළවුන් අතරය. හිතට එකඟව ඇයට දැන් කතා කළ හැක.

අබසිරි පනස් හැවිරිදිය. මනී විසිපස් හැවිරිදිය. ඔවුන් කොළඹ එන්නේ පොලීසියෙන් ලද පණිවිඩයකට අනුවය. ඒ දූෂණය කර මරා දැමුණු ගැහැනියකගේ මළ සිරුරක් හඳුනාගන්නටය. කොළඹ ඔවුන්ට බොහෝ දුරය. මෘත දේහය සුද්දිගේය. දැන් ඇයට නමක් නැත. නම මිනියක් පමණි.

සුද්දී, අබසිරිගේ විවාහක බිරිඳයි. ඈ ඔහු අතහැර ගොස් අවුරුදු පහළොවකි. ඈ ඔහු අතහැර යන්නේ විවාහයෙන් තෙමසකට පසුවය. පහළොස් වසරකට පසු ඈ හමු වන්නේ කොළඹ මහ රෝහල් මෘත ශරීරාගාරයේදීය. ඒ ප්‍රාණය නිරුද්ධ සිරුරක් හැටියටය. එක දවසකට හෝ ඇය ඔහුගේ භාර්යාවය. ඉඳින් ඇගේ දේහයට නිසි ගෞරවය දෙන්නට ඔහුට උවමනාය. දේහය ගෙන යන්නට අබසිරිට මුදල් නැත. ඇත්තේ සටකපටකමය. කුඩා අයිස්ක්‍රීම් වෑන් රියක හුඩ්රැක් එකේ හිස් මිනී පෙට්ටියක් යයි පවසා ඔහු දේහය රැගෙන යයි. ඒ රියදුරු ලෙනින් රවටාගෙන. රියදුරු සන්තර්පණය වනුයේ මත්පැනිනි. එහෙත් වෑන් රියෙන් පෙට්ටිය බිමට වැටෙයි.

මේ සිනමා කතාන්තරයක පෙළගැස්මකි. සිදු විය හැක්කේ කුමක්ද? ජීවිතය යනු කුමක්ද?

අබසිරි - මහේන්ද්‍ර පෙරේරා

සුද්දී - සේමිනී ඉද්දමල්ගොඩ

ලෙනින් - සරත් කොතලාවල

මනී - රුක්මාල් නිරෝෂ්

උක්කු බණ්ඩා - දයා තෙන්නකෝන්

තිර රචක / අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි

නිෂ්පාදනය - ස්කයි ඉන්ටර්ටේනර්ස් පුද්ගලික සමාගම

ෆිල්ම් ගරාජ්

කොග්නටිව් ඊගල්

ෆිල්ම් ඉක්යුප්මන්ට් ගැලරි

(එෆ්. ටී. ජී)

කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ

සංස්කරණය / ශබ්ද සැලසුම්කරණය - රංගන සිංහාරගේ

විධායක නිෂ්පාදනය - රසිත ජිනසේන

කතා මූලාශ්‍රය - සිසිර තඩිකාර

සංගීතය - දේශක බමුණුමුල්ල

කලා අධ්‍යක්ෂණය - නුවන් සනුරංඛ

නිෂ්පාදන අධීක්ෂණය - නිශාන්ත පද්මකුමාර

රේඛීය නිෂ්පාදනය - සුමුදු වෙල්ලාලගේ

සහය අධ්‍යක්ෂණය - චමින්ද පෙරේරා

අංග රචනය - නාරද තොටගමුව

වර්ණ සංයෝජනය හා ඩිජිටල් අන්තර් තාක්ෂණය - දිනිදු ජාගොඩ

ශබ්ද සංයෝජනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි