වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සම්පත්ගේ කිරි කඳුළේ මහිමේ අද එළි දකී...

සම්පත්ගේ කිරි කඳුළේ මහිමේ අද එළි දකී...

ගායන ශිල්පී සම්පත් ශ්‍රී සෙනෙවිරත්නගේ නවතම ගී සංයුක්ත තැටිය 'කිරි කඳුලේ මහිමේ' නමින් මෙම මස 12 වන දින උදෑසන කොළඹ බෞද්ධයා නාලිකාවේදී එළිදැක්වීමට නියමිතය.

මේ ඔහුගේ තෙවැනි සංයුක්ත තැටිය වන අතර 58 වැනි සිය ජන්ම දිනයට සමගාමීව මෙය එළි දැක්වේ.

සම්පත් ගායකයකු මෙන්ම රංගන ශිල්පියෙකු වශයෙන් ද කටයුතු කරයි.

වෙද හාමිනේ, උතුම් පැතුම්, මරුවැල, බිම්මල්, ගෞතම් ඔහු රඟපෑ ටෙලි නාට්‍ය අතුරින් කිහිපයකි.

අහසින් පොළොවට, පුරන් අප්පු, රෑ මනමාලි, ගිනිගත් රෑ ඇතුළු චිත්‍රපට රාශියකට ද රංගන කුසලතා දැක් වූ ඔහු සුපිරි අන්දරේ චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිිපයකට ද පසුබිම් ගායනයෙන් දායක වී ඇත.

සම්පත් කලා භූෂණ සම්මානලාභියකු ද වේ.

නො: 110/1, කල්දමුල්ල පාර,
මොරටුව. 0713002039