වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගෝල්ඩන් ග්ලෝබ් වැඩි සම්මාන La La Land

ගෝල්ඩන් ග්ලෝබ් වැඩි සම්මාන La La Land

ලොව ජනප්‍රිය සිනමා සම්මාන උලෙළක් වන ගෝල්ඩන් ග්ලෝබ් සිනමා - ටෙලිවිෂන සම්මාන උලෙළ පසුගිය 08 වැනිදා කැලිෆෝනියාවේ බෙවර්ලි හිල් හිදී පැවැත්විණි. එහිදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඩේමියන් චාසෙල් අධ්‍යක්ෂණය කළ La La Land  චිත්‍රපටය සමත් විය. ඒ අනුව La La Land  විසින් 74 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී සම්මාන 7ක් දිනා ගන්නා ලදී.

හොඳම චිත්‍රපටය (නාටකීය) - Moonlight
හොඳම නිළිය - ඉසබෙල් හපර්ට් (Elle)
හොඳම නළුවා - කෙසී එෆ්ලෙක්
(Manchester by the Sea)
හොඳම චිත්‍රපටය (හාස්‍ය/ සංගීතමය) - La La Land
හොඳම නිළිය (හාස්‍ය/ සංගීතමය) -
එමා ස්ටෝන් (La La Land)
හොඳම නළුවා (හාස්‍ය/සංගීතමය) - රයන් ගොස්ලින්
(La La Land)
හොඳම සහය නිළිය (හාස්‍ය/ සංගීතමය) -
වියෝලා ඩේවිස්  (Fences)
හොඳම සහය නළුවා (හාස්‍ය/ සංගීතමය) -
අරෝන් ටේලර් ජොන්සන් (Nocturnal Animals)
හොඳම අධ්‍යක්ෂණය - ඩේමියන් චසෙල්
(La La Land)
හොඳම තිරරචනය - ඩේමියන් චසෙල්
(La La Land)
හොඳම ස්වීය ගීතය - “සිටි ඔෆ් ස්ටාර්ස්”
(La La Land)
හොඳම සංගීතය - ජස්ටින් හර්විට්ස්
(La La Land)
හොඳම විදෙස් චිත්‍රපටය - Zootopia
හොඳම සජීවකරණ චිත්‍රපටය -  Elle (ප්‍රංශය)
හොඳම ටෙලිවිෂන මාලා නාටකය - The Crown
හොඳම ටෙලිවිෂන මාලා නාටකය
(හාස්‍ය/ සංගීතමය) - Atlanta
හොඳම නිළිය (ටෙලිවිෂන - මාලා නාටක) -
ක්ලෙයාර් ෆෝයි (The Crown)
හොඳම නළුවා (ටෙලිවිෂන - මාලා නාටක) -
බිලි බොබ් (Goliath)
හොඳම නිළිය (හාස්‍ය/ සංගීතමය) -
ට්‍රේසී එලීස් රෝස්  (Black-ish)
හොඳම නළුවා (හාස්‍ය/ සංගීතමය) -
ඩොනල්ඩ් ග්ලෝවර් (Atlanta)
හොඳම නළුවා - ටෙලිවිෂන මාලා නාට්‍ය -
ටොම් හිඩ්ල්ස්ටන් (The Night Manager)
හොඳම නිළිය (ටෙලිවිෂන - මාලා නාටක) -
සාරා පෝල්සන්
(The People v. O. J. Simpson:
American Crime Story)
හොඳම සහය නළුවා - ඒකාංගික හෝ ටෙලිවිෂන
චිත්‍රපට - හග් ලෝරි (The Night Manager)
හොඳම නිළිය ඒකාංගික හා ටෙලිවිෂන චිත්‍රපටය -
ඔලිවියා කොල්මන් (The Night Manager)
හොඳම ඒකාංගික හා ටෙලිවිෂන චිත්‍රපටය -
The People v. O. J. Simpson:
American Crime Story