වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ආලෝකෝ උදපාදි ඉතිහාසයේ එක් දවසක් ධම්මපදය ග්‍රන්ථාරූඪ කළ වග...

ආලෝකෝ උදපාදි ඉතිහාසයේ එක් දවසක් ධම්මපදය ග්‍රන්ථාරූඪ කළ වග...

වනයට ද පිවිසුණු ආක්‍රමණිකයෝ වනගත වූ භික්ෂුන් වහන්සේලාව ද මරා දැමූහ. මේ ශාපය හේතු කොටගෙන ශ්‍රී ලංකාව දීර්ඝකාලීන නියන් සායකට ගොදුරු විය. එය දොළොස් වසරක් පුරා පැවතිණ. මෙවැනි දැඩි දුක් වේදනා විඳිමින් ඒ උදාරතර භික්ෂූන් වහන්සේලා තමන්ගේ යුතුකම මෙහොතකටවත් අත් නොහැර දැමූහ.

ඒවලගම්බා රජුගේ පාලන සමයයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හාරසිය පනස් හතරක් ගත වී අවසන්ය. පරම්පරා තිස් අටක් මුලුල්ලේ අභ්‍යන්තරයෙන්ම කැප වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා බුද්ධ චරිතය මුඛ පරම්පරාවෙන් මෙතෙක් රැගෙන ආවෝය.

වලගම්බා රජු සියපාලන සමය ආරම්භ කරන විට මෙරට සමෘද්ධිමත් සාමකාමී රාජධානියක් විය. සුහද සහජීවනයට හිතැති පරිසරයක ජනතාව සිය ජීවිතය ගත කළහ. එහෙත් එම කාලවකවානුුව අවාසනාවන්ත ලෙස ගෙවී අවසන් වූයේ හත් දහසක් වූ සතුරු සේනාව සාගරය තරණය කොට මේ දේශය ආක්‍රමණය කිරීම හේතුවෙනි. මේ අතරතුරදී අභ්‍යන්තර කැරලිකරුවකු ද රජුට විරුද්ධව නැඟී සිටියේය. ඔහු තීය බ්‍රහ්මණයාය. රජුගේ සිංහාසනය ඔහුගේ ඉලක්කය විය.

මේ බව දැනගත් රජු කියා සිටියේ සතුරු ආක්‍රමණවලට එරෙහිව ගියහොත් සිංහාසනය ලබා දෙන බවය. ඒ සඳහා සතුරන් හා සටන් කළ යුතු බවත් රජු බ්‍රාහ්මණයාට දැන්වීය. සිදු වූයේ නොසිතූ දෙයකි. සතුරන්ට විරුද්ධව ක්‍රියා කරනවා වෙනුවට බ්‍රහ්මණයා සතුරන්ට එකතු වුයේ වලගම්බා රජුව තවත් අසරණ කරමිනි. රජුට සිහසුන අතහැර පලා යන්නට සිදු විය. එලෙස රාජකීයයන් පළා යද්දී ඔවුන්ව ආරක්ෂා කළේ මහා සංඝරත්නය විසිනි. රාජ්‍ය පාලකයකු නොමැති වීම හේතුවෙන් කැරලිකරුවෝ තවත් බලවත් විය.

ඔවුන් සාමාන්‍ය ජනයාට ද හිංසා කරමින් රජුව සොයන්නට පටන් ගත්තෝය. එපමණක් ද නොව සංඝයා වහන්සේලා යටතේ සඟවාගෙන රජු ඇතුළු රාජකීයයන් ඉන්නා බව දැනගත් සතුරන් උන් වහන්සේලාගේ ද ජීවිත අහිමි කරන්නට පසුබට නොවූහ. භික්ෂූන් වහන්සේලාට රාජ්‍ය පාලනය පැවති දිනවලදී රාජ්‍ය අනුග්‍රහය නිරන්තරයෙන්ම ලැබිණ.

එහෙත් උන් වහන්සේලාගේ දානය සහ විවිධ දේ සැපයීමට එකී අනුග්‍රහය නොමැති වීම නිසා භික්ෂූන් වහන්සේලාට සිදු වූයේ වනගත වන්නටය. නමුත් එය විකල්ප විසඳුමක් පමණක් විය. වනයට ද පිවිසුණු ආක්‍රමණිකයෝ වනගත වූ භික්ෂුන් වහන්සේලාව ද මරා දැමූහ. මේ ශාපය හේතු කොටගෙන ශ්‍රී ලංකාව දීර්ඝකාලීන නියන් සායකට ගොදුරු විය.

එය දොළොස් වසරක් පුරා පැවතිණ. මෙවැනි දැඩි දුක් වේදනා විඳිමින් ඒ උදාරතර භික්ෂූන් වහන්සේලා තමන්ගේ යුතුකම මෙහොතකටවත් අත් නොහැර දැමූහ. ඔවුහු කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලාට බුදු වදන කටපාඩම් කිරීමට උගැන්වීය. ඒ අතරතුරදී සතුරු කඳවුරුවල බලාපාරොත්තු නොවූ දෙයක් සිදු විය.

ඒ බලකාමය හේතුවෙන් සතුරු නායකයෝ එකිනෙකාට විරුද්ධව ඇනකොටා ගැනීමයි. මේ සියල්ල සිදුවන විට වලගම්බා රජු සේනාවක් ද කැටුව පැමිණ මෙම උත්තම දේශය ආපසු ලබා ගත්තේය. නියං සාය නිමා විය. අඛණ්ඩ වර්ෂාව ඇද හැලී මෙරට භෞතික වශයෙන් ද පවිත්‍රත්වයට පත් විය.

ආලෝකෝ උදපාදි. මේ ඒ සිනමාපටයේ කතා පුවතයි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටය තිරයට ගෙනා සමන් විරමන්ගේ පුතු චත්‍ර වීරමන් මෙය අධ්‍යක්ෂණය කොට ඇත. නිෂ්පාදනය කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේනගෙනි.

ආලෝකෝ උදපාදිහි මෙම නළු නිළියන් රංගනයේ යෙදෙති. ක්ලීටස් මෙන්ඩිස්, බුද්ධදාස විතානාච්චි, ඩබ්ලිව්. ජයසිරි, ජනක් ප්‍රේමලාල්, නිහාල් ප්‍රනාන්දු, දිල්හානි අශෝකමාලා, නිහාල් ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, උද්දික ප්‍රේමරත්න, නිරෝෂා තලගල, රොෂාන් රවින්ද්‍ර, මේනකා පීරිස්, මවුලි මතීෂ, නයන මනුජිත, දිනෙත් ද සිල්වා, අජිත් කුමාර, කපිල සිගේරා, ජයතිස්ස අතුලසිරි, දිලිප් මනෝහර, සම්මු කසුන්, රාජසිංහ ලෝලුවාගොඩ, සිරිසේන පල්ලෙවත්ත, ඉන්දික මධුරාගේ, පවිත්‍රා වික්‍රමසිංහ, කැලුම් රාජභරණ, සුනිල් වීරසිංහ, කෝකිල පවන්, දෙව්නක පෝරගේ, සමන්ති ලැනරෝල්, නෙතලි නානායක්කාර,

සම අධ්‍යක්ෂ භරත ගිහාන් හෙට්ටිආරච්චි

අධ්‍යක්ෂණ උපදේශනය සහ පිටපත සමන් වීරමන්

පිටපත සඳහා උපදේශනය - පූජ්‍ය දේවාලගම නායක ස්වාමීන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය ධර්මරතන නායක ස්වාමීන් වහන්සේ, ආචාර්ය එඩ්වින් ආරියදාස, මහාචාර්ය නිමල් ද සිල්වා.

කැමරා අධ්‍යක්ෂණය - ප්‍රභාත් රෝෂන්

සංගීත අධ්‍යක්ෂණය - මිලින්ද තෙන්නකෝන්

සංස්කරණය - ෂාන් අල්විස්

ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ

කලා අධ්‍යක්ෂණ උපදේශනය - බුද්ධික සේනාධිපති

කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න

පසුතල නිර්මාණ - අජිත් හත්වැල්ල

අංග රචනය - ජයන්තා රණවක

ඇඳුම් සහ ආභරණ - කුමාර කරව්දෙනිය

සහාය අධ්‍යක්ෂණය - ධනුෂ්ක ජයවර්ධන

පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

ගායනා - අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා

නිෂ්පාදන විධායක - කනිෂ්ක වික්‍රමතිලක

නිෂ්පාදන කළමනාකරණය - හැරල්ඩ් කරුණාතිලක, කීර්ති රත්නායක

මාධ්‍ය සම්බන්ධීකරණය - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු