වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

සරසවිය මොඩ්ල් බෑන්ක් ආරම්භක වැඩසටහනට වැලිගම චාන්දනී සිනමාහලේ දී ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. එහි දෙවැනි වැඩසටහන සඳහා අප පිවිසියේ ගම්පහ පුරවරයට ය. ගම්පහ නයෝමි සිනමා ශාලාවේ දී සියනෑවේ නවක තරු සොයා ගිය සරසවිය මොඩ්ල් බෑන්ක් දෙවැනි අදියර මුල් අදියරට වඩා සාර්ථක ය. බොහෝදෙනෙකු එදින පැමිණ සිටියේ කලා ලෝකයට පිවිස තම රංගන ගමනට මඟක් පාදා ගැනීමේ අභිලාශයෙනි. ඒ වග ඔවුන්ගේ මුහුණුවලින් මොනවාට පැහැදිලි විය. කලා ලොවේ දිගු ගමනක් යෑමට අවස්ථාව උදා කරන මේ ඉඩහසර වෙන්වන්නේ ඔවුන් වෙනුවෙනි.

දයාරත්න ගනේගොඩ

SMBGP 26

දයාරත්න ගනේගොඩ කියන නම සරසවිය පාඨක ඔබට නුහුරු නැහැ. ඔහු සෑහෙන කලක් තිස්සේ සරසවිය හා බැඳුණු පාඨකයෙක්. දයාරත්න කලක පටන් රංගන කටයුතුවල නියැලෙනවා. සරසවිය හරහා තමයි ඔහු රංගන වරම් හිමි කර ගත්තෙත්. දයාරත්නගේ ගම කැලණිය. වයස අවුරුදු 54 යි.

ලහිරු හෙට්ටිආරච්චි

SMBGP 28

ලහිරු හෙට්ටිආරච්චිගෙ වයස අවුරුදු තිස් එකයි. පදිංචිය බලංගොඩ රජවක. ඔහු වැඩිපුරම රඟපාලා තියෙන්නේ වෙළෙඳ දැන්වීම්. එතුමයි මෙතුමයි, ඩොක්ටර් නවරියන් ආදී චිත්‍රපටවලත් ලහිරු රඟපා තිබෙනවා. ටෙලි නාට්‍ය හරහා පුංචි තිරය ඔපවත් කරනන්යි ලහිරුගේ ඊළඟ අරමුණ. සුදත් රෝහණ තමයි ඔහුගේ කැමැතිම අධ්‍යක්ෂවරයා.

සතරසිංහ ආරච්චිගේ

SMBGP 25

සතරසිංහ ආරච්චිගේ අජිත්ට නම් තවමත් රංගන අත්දැකීම් නැහැ. මෙතුවක් කල් අවස්ථා සොයාගෙන ගියත් ඔහුට රංගන වරම් හිමි වෙලා නැහැ. ඒ හින්දමයි ඔහු සරසවිය මොඩ්ල් බෑන්ක් හා එකතු වෙන්නේ. අජිත්ගේ වයස අවුරුදු 45 යි. ඔහු පදිංචි වෙලා ඉන්නේ බදුරලියේ. සුගත් සමරකෝන්ගේ සිනමා නිර්මාණයකට එකතු වන්නයි ඔහු අදහස් කරන්නේ.

සුනන්ද ගුණසේකර

SMBGP 27

සුනන්ද ගුණසේකර මේ වන විට චිත්‍රපට රංගනයේ යෙදෙමින් සිටිනවා. මෝටර් බයිසිකල්, චන්න කින්නරාවි ආදී චිත්‍රපට රැසක ඔහු රඟපෑවා. සුනන්ද වඩාත් ප්‍රිය ඓතිහාසික චිත්‍රපට රංගනයේ යෙදෙන්න. සුනන්දගේ වයස අවුරුදු 42 යි. පදිංචිය යටියන්තොට. ජැක්සන් ඇන්තනි තමයි ඔහු කැමැතිම අධ්‍යක්ෂවරයා.