වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




හේමාල්ගේ අපූරු රැඟුම

හේමාල්ගේ අපූරු රැඟුම

මේ කියන්න හදන්නේ හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උලෙළේදී දැකපු දෙයක්. මේ පාර ඒ සම්මාන උලෙළේ දේවල් කිව්වා වැඩි ද මන්දා. ඒත් කමක් නැහැ. කියන්න තියෙන දේවල් කියන්න එපායැ. එහිදී හේමාල් රණසිංහ අපූරු රැඟුමක් ඉදිරිපත් කළා.

ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, ජීවන් කුමාරණතුංග, රන්ජන් රාමනායක යන සුපිරි තරු රඟපෑ චිත්‍රපටවල ගීතමය ජවනිකා කිහිපයක් තමයි එයට ඇතුළත් වුණේ. සිනමා සක්විතිගෙන් තමයි වැඩේ පටන් ගත්තේ. රන්ජන්ගෙන් අවසන් කළා.

හේමාල්ගේ ඒ නර්ථන අංගය ගැන බොහෝ දෙනෙක් කතා කළේ ප්‍රශංසා මුඛයෙන්. හේමාල්ට සිනමාවෙත් හොඳ අනාගතයක් තියෙනවා කියලා කියන්නට පුළුවන්. ඒ හින්දා හේමාල් වැඩිය ටෙලිවලට නොගිහින් හිටියා නම් හොඳයි කියලා අපිට හිතුණා.