වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

ප්‍රථම ‘රෙගේ’ ශෛලියේ සිංහල ගීතය කුමක්ද?

මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - ප්‍රථම රෙගේ ශෛලියේ සිංහල ගීතය කුමක්ද?
පිළිතුර -
මේ ගැන මා වැඩි විස්තරයක් දන්නේ නැහැ. සමහරු කියනවා නිමල් මෙන්ඩිස් සංගීතවත් කළ ටී. ඇම්. ජයරත්න ගයන 'උපන් රටෙන් පිට වූයේ - නුහුරු රටේ තනි වුණේ' නමැති ගීතය කියලා.

වතුරුගම කන්නිමහර ඩී. එම්. එන්. චන්ද්‍රසේකර
ප්‍රශ්නය - ලතා වල්පොල ගයන 'හීන හතක් මැද' ගීතයේ රචනය හා සංගීතය කාගේද?
පිළිතුර -
ගීත රචනය මඩවල එස්. රත්නායක, සංගීතය අමරදේව.

මුංහේනේ එච්. ඉන්ද්‍රපාල
ප්‍රශ්නය - 'හාරලක්සේ' චිත්‍රපටයට පාදක වූයේ සත්‍ය කතාවක්ද?
පිළිතුර -
ඔව්. ටර්ෆ් ක්ලබ් මංකොල්ලය තමයි එයට පාදක වුණේ.

බෙලිගල මනහර මහින්ද වෑකඩ
ප්‍රශ්නය - 'ගඟ අද්දර' චිත්‍රපටයට ඇතුළත් වූ ගීත මොනවාද?
පිළිතුර - ගඟ අද්දර මා', 'රන් ටිකිරි සිනා'

කැලණිය දළුගම චන්ද්‍රකාන්ති පියතුංග
ප්‍රශ්නය - අපේ ප්‍රවීණ සිනමා නළු නිළියන් කබල් ටෙලි නාට්‍යවල රඟපාන්නේ ඇයි?
පිළිතුර -
රඟපෑම වෘත්තීයක් කරගත් අයට කබල් ටෙලි නාට්‍යවල වුණත් රඟපාන්න සිදුවෙනවා. චන්ද්‍රකාන්ති වඩාත් වැදගත් වන්නේ නිර්මාණය නොවේ. ඔවුන්ගේ රඟපෑමේ විශිෂ්ට බව ඉස්මතු කර ගැනීමයි. ගාමිණී ෆොන්සේකා කබල් චිත්‍රපට කීයක රඟපෑවාද? එත් ඔහු තම රංගනය සාර්ථකව කළා.

මොරටුුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස්
ප්‍රශ්නය - 'උලත් එකයි පිලත් එකයි' චිත්‍රපටයේ තිර කතාව ලියූ ප්‍රසාද් සමරතුංගත් 'සරසවිය' කර්තෘ මණ්ඩලයේ ප්‍රසාද් සමරතුංගත් එක් අයෙක්ද?
පිළිතුර -
ඔව්.

පානදුර ගඟුලේ රත්නසිරි අමරසේකර
ප්‍රශ්නය - මාතලන්, අහංකාර ස්ත්‍රී වැනි චිත්‍රපටවල රඟපෑ රත්නා කුමාරි ද සිල්වා දැන් කෝ?
පිළිතුර -
අපිත් ඇයව හොයනවා. දන්නා පාඨකයෙක් වෙත්නම් ඇය ගැන තොරතුරු අපට දන්වන්න.

කෑගල්ලේ තිලකරත්න විල්වල
ප්‍රශ්නය - තිලක් වේහැල්ල හා වේහැල්ලේ පියතිලක යනු එකම පුද්ගලයෙක් ද, නැත්නම් දෙසොහොයුරන්ද?
පිළිතුර -
සොහොයුරන්.

ඇඹිලිපිටියේ මානෙල් දිසානායක
ප්‍රශ්නය - 'සුභද්‍රා' චිත්‍රපටයට 'මාගේ ප්‍රේම මාතා' නම් වූ ගීතය ගයන ගායකයා කවුද?
පිළිතුර -
වින්ස්ටන් ද සිල්වා.

හික්කඩුව සීනිගම ඊ. දයානන්ද ද සිල්වා
ප්‍රශ්නය - 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටයේ බත් අම්මාගේ බෝඩිමේ ලෑලි අස්සෙන් එබී බලන පුද්ගලයා කවුද?
පිළිතුර -
ඊ. එම්. පී. බණ්ඩාර. ඔහු එකල චිත්‍රපට කීපයක රඟපෑවා.

දෙහිවල කේ. ඩී. කරුණාරත්න
ප්‍රශ්නය - රාධා ද මැල් පැරණි නිළි රූබි ද මැල්ගේ සෙහොයුරියක්ද?
පිළිතුර -
අපොයි නැහැ.
මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. නැදිමාලේ ජගත් වික්‍රමසිංහ, බටවල ආරියදාස පිංදෙණිය, මාවනැල්ලේ උපාලි අමරසිංහ, මොරටුවේ මැල්කම් ප්‍රදිනාන්දු, කපුගොඩ මාළිද සරත් රණසිංහ, මරදානේ එච්. පී. සැමුවෙල්, මාතර ප්‍රේමසිරි නාරසිංහ, මුංහේනේ එච්. ඉන්ද්‍රපාල, රදාවානේ අනුර කුලවර්ධන, ගල්ලෑල්ලේ එච්. විජේසේකර

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න