වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඈ සහ බියුටිට හිරවුණ දමින්ද

ඈ සහ බියුටිට හිරවුණ දමින්ද

දමින්ද ඩී. මඩවල කියන්නේ අපට සිටින හොඳ සහාය අධ්‍යක්ෂවරයෙක්. ප්‍රසන්න විතානගේ, සෝමරත්න දිසානායක ඇතුළු නිර්මාණකරුවන් රැසකගේම අධ්‍යක්ෂවරයාට දෙවැනි වූයේ ඔහු. දමින්දට තවත් සිනමාපට ද්විත්වයකටම ආරාධනා ලැබිලා. එහි ඇති විශේෂත්වය වනුයේ මේ නිර්මාණ දෙකේ අධ්‍යක්ෂවරු වන්නේ මහත්තයා සහ නෝනා වීම. මහත්තයා තමයි ප්‍රසන්න විතානගේ, නෝනා දමයන්ති ෆොන්සේකා. එම චිත්‍රපටයන්හි පිටපත් ලියලා තියෙන්නෙත් ඔවුන් විසින්මයි. ප්‍රසන්න ලියූ පිටපත ඈ. දමයන්තිගේ පිටපත බියුටි. ඉදිරියේදී දමින්ද ඈට සහ බියුටිට හිරවීමට නියමිතයි.