වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




තරු විසිතුරු මැද සුදු වත හැඳි කත

තරු විසිතුරු මැද සුදු වත හැඳි කත

සාමාන්‍යයෙන් සම්මාන උලෙළකට අපේ කලාකරුවන් එන්නේ නොයෙක් නොයෙක් විලාසිතා ඇඳුම් ඇඳගෙන. සමහරු ඒ වෙනුවෙන්ම ඇඳුම් මහනවා. පසුගියදා නිමාව දුටු හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උලෙළදිත් අප ඒ වග දුටුවා. එතැනට ආව ඇතැම් නව පරපුරේ කලාකරුවන්ට ඒ විලාසිතා ගැළපෙනවද කියලත් අපට සැක සිතුණා. ඒ තරම්ම ඒවා විච්චූර්ණයි. ඒ මල කෝලම් අතරේ දෙනෝ දාහක් නුවන් එක් තැනැත්තියක ගාව නැවතුණා. ඒ වෙන කවුරුවත් නොව සම්මානනීය ගායිකා විශාරද නන්දා මාලිනී. ඇය එදිනත් සැරසිලා සිටියේ සුදුම සුදු සාරියකින්. ඒ විතරක් නෙවෙයි මූණෙ මේකප් පොඩ්ක්වත් නැහැ. නන්දාගේ ඒ චාම් ඇඳුම පිළිබඳ සමාජ ජාල බොහොමයක සඳහන්ව තිබුණා. ඔවුන් ඇයව වර්ණනා කෙරුවා. ඇත්තටම නන්දා විදිහට චාම්ව ඇඳුමක් ඇඳගෙන කිසිම කෙනෙක් ඇවිත් සිටියේ නැහැ. නන්දව දැකපු ඒ වෙලාවේ අපට ඝණ අන්ධකාරේ මතක් වුණේ 'ඔබයි රම්‍ය සඳකිරණ' ගීතය. ඒ දහසකුත් තරු අතරේ නන්දාව අප දුටුවේ සුපුන් සඳක් විලසට හින්දා.