වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මිතුරු වියෝව

මිතුරු වියෝව

සිරස සුපිරි තරු සොයා යෑමේ හතරවැනි අදියරේ අනු සුරතාවය දිනූ උදිත සංජය එම තරගාවලියෙන් අනතුරුව තමන්ගේම ගීත කිහිපයක් ගැයුවා. ඒවාට අමතරව ඔහු රීමේක් කළ ආදරේ හිතෙනවා දැක්කම ගීතය නිසා උදිතව වඩාත් ජනප්‍රියක් වුණා. ඔහොම කාලයක් සංගීතමය වැඩ කටයුතු කරමින් සිටි උදිත එක සැරයටම අතුරුදන් වුණා. ප්‍රසංග වේදිකාවේවත්, ටී වී ප්‍රෝගෑම්වලදීවත් පුවත්පත් ලිපියකින්වත් අප ඔහුව දුටුවේ නැහැ. ආරංචියේ හැටියට උදිතට ඉතාමත් කනගාටුදායක සිදුවීමක් වෙලා. ඒකයි ඔහු ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත්ව සිට ඇත්තේ.

උදිත සහ ඔහුගේ හොඳම මිතුරන් කිහිප දෙනෙකු වාහනයක ගමනක් ගිහින්. ඒ අතරතුරදී ඔවුනට දරුණු අනතුරකට මුහුණපාන්න සිදු වෙලා. වාහනය හැප්පිලා. වඩාත් දුක්මුසු ආරංචිය වුණේ ඔහුගේ සමීපතම මිතුරන් දෙදෙනෙකුම ඉන් මියගිය කාරණය. එහෙත් වාසනාවට උදිතට දිවි ගලවා ගන්නට හැකි වෙලා. මේ සිදුවුණු දේ නිසා ඔහු පසුගිය දිනවල බොහොමත්ම කම්පනයෙන් ඉඳලා තියෙන්නේ. ඒකයි ක්ෂේත්‍ර තුළදී උදිතව දුටුවේ නැත්තේ. තව නොබෝ දිනකින් උදිත නැවතත් ගීතයක් දෙකක් ගයන්නට හිතාගෙන ඉන්නවලු.