වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් ‘හේලී’ සමඟ

සුනිල් ‘හේලී’ සමඟ

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු ද වන සුනිල් අරුණ වීරසිරි මේ දිනවල කලා කටයුතුවලින් ටිකක් මිදිලා ඉන්නේ. හරියට ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ වගෙයි. එයට ප්‍රධානම හේතුව සුනිල් තමන්ගේ ව්‍යාපාරවල වැඩ කටයුතුවලට හිර වී සිටීම.

ඔහුගේ නවතම ආභරණ සාප්පුව මෙම මස 15 වැනිදා කිරිබත්ගොඩදී විවෘත වෙනවා. ඔහු එහි වැඩ කටයුතු සොයා බලමිනුයි මේ දිනවල කාලය ගත කරන්නේ. ෂොප් එකේ නම හේලි. මේ කාර්යයට අමතරව සුනිල් ඇතුළු පිරවර තිර රචක ලාල් පාගොඩ ආරච්චිට උපහාර උත්සවයකුත් ලැහැස්ති කළා. ඒ වගේම සුනිල්ගේ නවතම සිනමාපටය හිතුවක්කාරී ළඟදීම තිරගතවිමට නියමිතයි. ඒකෙනෙ ඇන්ටන් ජූඩ් අවසන්වරට රඟපෑවේ. හිතුවක්කාරී ගැන නම් සුනිල් මහත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.