වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




අනුසාරගේ ‘මල් කඩන කොල්ලා’ එළිදකී

අනුසාරගේ ‘මල් කඩන කොල්ලා’ එළිදකී

දිනමිණ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදී අනුසාර මාහිංගොඩ විසින් රචිත ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘මල් කඩන කොල්ලා’ පසුගියදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී එළිදැක්විණ. එම ග්‍රන්ථය සයුර ප්‍රකාශනයකි.


අලුත් පොත් දෙකක් 19 දා

සිළුමිණ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදිනි අරුණි මුතුමලී විසින් රචිත ‘අරම’ සහ ‘අලි ඇත්තුයි අතපත්තුයි’ කෘති ද්විත්වය මෙම මස 19 වැනිදා සවස කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

මේ කෘති පිළිබඳ විග්‍රහ කිරීම මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ආචාර්ය එඩ්වින් ආරියදාස, වෛද්‍ය නන්දන අතපත්තු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානි ද මැල් විසින් සිදු කෙරේ. මෙම අවස්ථාව මෙහෙයවීම සිදු කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලීන් කරුණාරත්න විසිනි. අලි ඇතුන් පිළිබඳ වෛද්‍ය නන්දන අතපත්තු ලද වෙනස්් අත්දැකීම් කිහිපයක් ‘අලි ඇත්තුයි අතපත්තුයි’ කෘතියේ ලියැවී ඇත.