වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




ගොඩ දෙනෙක් සිංහල සිනමාව අතහැරලා නෑ

ගොඩ දෙනෙක් සිංහල සිනමාව අතහැරලා නෑ

සුනිල් ටී.ප්‍රනාන්දු

* ඇයි ඔබ D. V. D කර්මාන්තයට අත ගහන්න තීරණය කළේ?

ලංකාවේ මිනිස්සු සිංහල චිත්‍රපට බලන්න යන්නේ නෑ කිව්වට ගොඩක් අය බලනවා. ඒත් හැමෝටම තියට(ර්)ස් වලට යන්න බෑ. නමුත් D. V. D මාර්ගයෙන් ඔවුන් චිත්‍රපට බලනවා. මම දන්න තරමින් ප්‍රේක්ෂකයෝ ලක්ෂයක් චිත්‍රපටයක් නැරඹුවොත් අනිවාර්යයෙන්ම ඒ තරමටම D. V. D අලෙවි වෙනවා. මෙතෙක් මම කළ යුතුව තිබූ දෙයක් තමයි මේ කරලා නැත්තේ කියලා හිතලා තමයි මම D. V. D ව්‍යාපාරයට අත ගැහුවේ. ඉදිරියේදී සුනිල් ටී. චිත්‍රපට සියල්ලක්ම D. V. D මා(ර්)කට් එකට දානවා කියන චේතනාවෙන් තමයි මම මේක ආරම්භ කළේ. ඇත්තටම ඒ තත්ත්වය දැන් මම හදලා තියෙනවා. ඒක මම දැන් කරගෙන යනවා.

* මේක තරඟකාරී ක්ෂෙත්‍රයක්නේ. දැන් ගොඩක් කට්ටිය මීට පෙර D. V. D ව්‍යාපාරයේ යෙදිලා හිටියා. ඔබ ව්‍යපාරිකයෙක් වුණාට මේක එක්තරා විදිහක අභියෝගයක්?

අභියෝගයක් තමයි. මුළු ජීවිත කාලයේම මම බාර අරගෙන තියෙන්නේ අභියෝගනේ. මේකත් මට ප්‍රශ්නයක් නෙවේ. ADinfinity ආයතතනයේ අධ්‍යක්ෂිකා සංජානා ජයසිංහ තමයි මේ වගකීම් සියල්ල බාරගෙන කටයුතු කරන්නේ. ඇය ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක කළමනාකාරිණියක් විදිහට සේවය කළ තැනැත්තියක්. සංජානා ඉතා හොඳින් ඒ වැඩ කටයුතු සියල්ල අධීක්ෂණය කරනවා. ඇනුම් බැනුම්, චෝදනා සියල්ල එල්ල වෙන්නේ එයාටම තමයි.

* D. V. D වෙළෙඳ පොළේදී සුනිල් ටී. නිෂ්පාදන සඳහා පමණක් සීමා වෙන්න ඔබේ අදහසක් නෑ. මොකක්ද ටා(ර්)ගට් එක?

මේ දක්වා සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළේ මම. ඉදිරියේදී හැම සිංහල චිත්‍රපටයක්ම මිලදී ගෙන D. V. D වෙළෙඳ පොළට නිකුත් කරන්න මම උත්සාහ කරනවා. මොකද හොඳ මට්ටමේ නිෂ්පාදනයක් පාරිභෝගිකයාට ලබා දීම තමයි මගේ අරමුණ. ගොඩ දෙනෙක් සිංහල සිනමාව අතෑරලා ගිහින් නෑ. ඒ නිසා තමයි මම හිතුවේ D. V. D මාධ්‍යයට ඔවුන් යොමු කරවන්න පුළුවන් කියලා. දැන් දෙමළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙන කොට ඒ එක්කම D. V. D එකත් වෙළෙඳ පොළට එනවා. ඉතින් ඒවා හොඳට විකිණෙනවා. චිත්‍රපටයත් දුවනවා.

* ඇත්තෙන්ම මේ D. V. D මා(ර්)කට් එක නිෂ්පාදකයාට අමතර වාසියක් නේද?

ඔව්. වාණිජ අතින් එතරම් සාර්ථක නොවුණ චිත්‍රපටවලට පවා D. V. D වෙළෙඳ පොළේදී හොඳ මිලක් නියම වෙනවා. දැන් මම මේ මෑතකදී ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටය මිලදී ගත්තා. ඉතිං ඒ වගේ මගේ ළඟට එන හැම චිත්‍රපටයක්ම හොඳ නම් මම මිලදී ගන්නවා.

* එය තීරණය කරන්නේ ඔබමයි?

Movie එකක් මිලදී ගන්නවාද නැතිද කියලා තීරණය කරන්නේ මමම තමයි. මම හිතනවා පාඩු ලබන චිත්‍රපටවලට මේක හොඳ ෙබ්‍රික් ඊවන් පොයින්ට් ඒකක් වෙයි කියලා. හැබැයි මේ D. V. D ව්‍යාපාරය හැමෝටම කරන්න බෑ. ඒක පුළුල් ව්‍යාපාර ජාලයක්. නමුත් ඒක මට ඇඟේ තියෙන දෙයක් නිසා අපහසුවක් නැතිව කරගෙන යන්න පුළුවන්. ඉදිරියේදී හැදෙන සිංහල චිත්‍රපටවලින් 50% ක් වත් මම මිලදී ගන්නවා. ඒ වගේම මම හදන චිත්‍රපට හැම එකක්ම D. V. D වෙළෙඳ පොළට මුදා හරින්නේ මා විසින්මයි. මගේ ස(ර්)කිට් එකේ අවුරුද්දකට චිත්‍රපට හයක් හදන්න ඕනෑ. ඒවා අනිවාර්යයෙන්ම මම විසින්මයි වෙළෙඳපොළට දාන්නේ.

* විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකික සිනමාලෝලීන්ගෙන් සිංහල D. V. D වලට විශාල ඉල්ලුමක් තියෙනවා?

ඔව්. කැනඩාව, ඉතාලිය, එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට මහා පරිමාණයෙන් D. V. D අලෙව් කරන්න දැනටම මම ගිවිසුම් අස්සන් කර තිබෙනවා. ‘හෝගානා පොකුණ’ චිත්‍රපටය මේ වෙන කොටම ඕස්ට්‍රේලියාවට ගිහින් ඉවරයි.

* දැන් චිත්‍රපට නිෂ්පාදනයේදී ලාභ, පාඩු දෙකම සිද්ධ වෙනවා. D. V. D ව්‍යාපාරයත් එහෙමද?

නෑ. D. V. D ව්‍යාපාරය එහෙම පාඩු සිද්ධ වෙන එකක් නෙවේ. චිත්‍රපටයක් අපි මිලදී ගන්නේ Offer එකකටනේ. අඩු ලංසුවකට Offer කරනවා නෙවේ. ඒත් මම දන්නවනේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කොපමණ මුදලක් ද යන්නේ කියලා. ඒ කිට්ටුවට අපිට Offer එකක් දෙන්න පුළුවන්.

* මේ ව්‍යාපාරයත් හරියට සල්පිලක් වගේ. අර පැත්තේ ලංසුවක් තියෙන කොට මේ පැත්තෙන් ගාණ උස්සනවා. වැඩියෙන් සල්ලි විසි කරන පැත්ත දිනුම්?

මම දන්නවා ‘හෝගානා පොකුණ’ට ලක්ෂ 100 ක Offer එකක් ආවා. ඊට පස්සේ ලක්ෂ 170 කට ආවා. නමුත් ඒක මම පිට දුන්නේ නෑ. ඕනෑම තරඟකාරී මිල ගණනක් යටතේ හොඳ චිත්‍රපටයක් වෙනුවෙන් සල්ලි විසි කරන්න මම සූදානම්.