වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඔස්කා තේමා ගීතය

ඔස්කා තේමා ගීතය

මියුරු මියැසියේ සප්ත ස්වරයයි
පංචසිඛ ගී නාදයයි
සරස වීණා හඬට මුසු වූ
සැලෙන කිංකිණි රාවයයි
ඔස්කා රන් ස්වර නාමයයි...

නවමු නිමැවුම් බිහි කරන්නෙමු
කලා ලොව ජය කෙහෙලි නංවමු
වඩා සුපසන් කලාවක් උදෙසා
සුභාවිත ගී තිලිණ කරනෙමු
රිදී තිරයේ - වේදිකාවේ
නිතර රැව් දෙන්නේ
මියැසි රාවය නඟන සුරුවන්ගේ
නිමැවුමයි - ශක්තියයි
ඔස්කා රන් ස්වර නාමයයි...

දෑත් බැඳ අපි එකතු වන්නෙමු
සුබස නිසි ලෙස හසුරුවන්නෙමු
මතු මතුද රස වින්දනය උදෙසා
කලා කෙත අස්වනු නෙළන්නෙමු
ගී ලියන්නේ - තනු මවන්නේ
ගයන ගී රාවේ
නින්නාදයයි දසත පැතිරෙන්නේ
ඒ අපේ - ශක්තියයි
ඔස්කා රන් ස්වර නාමයයි...

ගේය පද - සුරම්‍යා මාපිටිය
තනු නිර්මාණය සහ සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - ඔස්කා සාමාජිකයන්