වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




ලිප්ස්ටික් අත්සනක්

ලිප්ස්ටික් අත්සනක්

පසුගිය සුපර් ස්ටාර් තරගාවලියේදී කැපි පෙනුණ චරිතයක් ලෙස භාෂි මධු භාෂිනීව හඳුන්වා දෙන්න පුළුවන්.

ඇය ඇතැම් ජනප්‍රිය ගීත තමන්ගේම ආරකින් ගයන්නට ගිහිල්ලා සෑහෙන්න බැනුම් අහගත්තා. ඒ හින්දාම ඇය ඉතාම ඉක්මනින් ජනප්‍රියත් වුණා. ජනප්‍රිය නිසාම මෙයට ෂෝස් එහෙමත් දැන් වැඩියි. රට හැම තැනම යනවා. මෙන්න මේ වගේ මියුසිකල් ෂෝ එකකට ගිය වෙලාවක භාෂි සින්දු කියලා බහිද්දීම රසිකයෙක් ළඟට ආවලු. මෙයා නිකම්ම නිකම් රසිකයෙක් නෙවෙයි, භාෂිගේ දැඩිම දැඩි රසිකයෙක්. භාෂිට තියෙන ආදරය නිසා ඔහු දැන් ඇයගේ අත්සන ඉල්ලනවලු. නමුත් ඒ වෙලාවේ පෑනක් හොයා ගන්න පුළුවන් වෙලා නැහැ. ඒ තැනැත්තා එහෙ මෙහෙ දුවලා ඇවිත් පෑනක් හොයා ගන්න ට්‍රයි ඒකක් දුන්නට වැඩේ හරි ගිහිල්ලා නැහැ. භාෂිට තව ෂෝ එකකට යන්නත් තිබිලා. මේ වග කියලා ඇය යන්න හැදුවට අර රසිකයා භාෂිට යන්න දෙන්නෙම නැතිලු අත්සන නැතුව. ඒත් පෑනක් නැතිලු. කරන්න දෙයක් තිබිලම නැහැ. මේ වෙලාවේ භාෂිට මතක් වෙලා තමන් ගාව ලිෆ්ටික් තියනවා නේද කියලා. ඇය ටක් ගාලා ඒක අරගෙන අර රසිකයාගේ අතේ අත්සන ගහලා පිටත් වෙලා. වෙලාවට ලිෆ්ටික් එක තිබුණේ නැතිනම් භාෂි තවමත් එතන.