වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




මේක හොඳ වටිනාකමක් දෙන්න පුළුවන් කර්මාන්තයක්

මේක හොඳ වටිනාකමක් දෙන්න පුළුවන් කර්මාන්තයක්

සංජානා ජයසිංහ ADinfinity අධ්‍යක්ෂිකා

සිංහල සිනමාව ඔබේ නිවසට

* ADinfinity සිංහල චිත්‍රපට ච්. ඍ. ච් නිෂ්පාදනයට එක් වූ නවතම ව්‍යාපාරික ආයතනය?

‘සුනිල් ටී Films’ යටතේ Adinfinity Solutions (Pvt) Ltd  ආයතනයෙන් තමයි අපි මේ D.V.D නිෂ්පාදනය හා බෙදා හැරීම කරන්නේ. ගිය වසරේ ‘බොරදිය පොකුණ’ චිත්‍රපටයෙන් තමයි අපි මේ D.V.D නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ. නිෂ්පාදනය පමණයි එදා අපි කළේ. නමුත් අපේ නවතම D.V.D නිෂ්පාදනය වන ‘හෝ ගානා පොකුණ’ ත් සමඟ අපි බෙදා හැරීමේ ජාලයකුත් ආරම්භ කළා. පළාත්බදව අපේම අලෙවි නියෝජිතයන් යොදවලා අපි ගැටලුවක් නොවෙන්න මේ කටයුත්ත කරගෙන යනවා.

* මේ වන විට ඔබ ආයතනය මඟින් කොපමණ ච්. ඍ. ච් චිත්‍රපට සංඛ්‍යාවක් නිකුත් කර තිබෙනවාද?

අපි ආරම්භ කළේ ‘බොරදිය පොකුණ’ චිත්‍රපටයෙන්. අනගාරික ධර්මපාල, සිනහව අතරින්, සුහද කොකා, සිංහයා, ඔබ නැතුව ඔබ එක්ක, හෝගානා පොකුණ චිත්‍රපට අපි මේ වෙනකොට එළිදක්වා තියෙනවා. ඉස්සරහටත් එන්න තියෙනවා.

* ‘සුනිල් ටී Films’ නිෂ්පාදන පමණක් නෙවෙයි එතකොට ඔබ ආයතනය මඟින් බෙදා හරින්නේ?

නැහැ, නැහැ. වෙනත් නිෂ්පාදනත් අපේ ආයතනය මඟින් මිලදී ගන්නවා.

* එතකොට මොකක්ද චිත්‍රපට මිල දී ගන්නා එහෙම නැතිනම් ච්. ඍ. ච් සඳහා චිත්‍රපට තෝරා ගන්නා නිර්ණායකය?

මේ වෙනකොට අපි සුනිල් ටී. නිෂ්පාදන හැරුණු කොට මාර්කට් එකට දාලා තියෙන්නේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ සහ ‘සුහද කොකා’ චිත්‍රපට විතරයි. ඕනෑම කෙනෙක් ලාභාංශයක් බලාපොරාත්තුවෙන් මේක කරන්නේ. එතකොට සිනමා ශාලාවක ප්‍රදර්ශනය වුණ චිත්‍රපටයක් තමයි අපි මිලදී ගන්නේ. දැන් අපි ඩ්ධථඥ ර්ධමඪඥඵ හරි ඍඪඤඥධ ජ්ඪතථඵ හරි මිලදී ගන්නේ නෑ. එහෙම දවසෙන් දෙකෙන් ෂූට් කරන, සිනමාත්මක නැති චිත්‍රපට අපේ ඕපචදඤ ව්චථඥ එකෙන් වෙළෙඳපොළට එන්නේ නෑ. ඒ වගේම තාක්ෂණයෙන් අඩු චිත්‍රපටත් අපි තෝරා ගෙන නෑ.

* එතකොට වාණිජ, කලාත්මක කියලා වර්ගීකරණයකුත් නෑ?

නෑ. එහෙම නෑ. එහෙම බේදයක් නෑ. දැන් ‘ඔබ නැතිව ඔබ එක්ක’ ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපටයක්. නමුත් එය අපේ රටේ ආදායම් වාර්තා බිඳ හෙලූ චිත්‍රපටයක් නෙවේ. අපි එයත් ‘ඒච්ඪදටඪදඪදබර’ නාමය යටතේ වෙළෙඳපොලට නිකුත් කළා. නමුත් හෝල්වල හොඳට දුවලා සාර්ථක වුණ චිත්‍රපටවලට D.V.D මාධ්‍යයෙනුත් ඉහළ ඉල්ලුමක් තියෙනවා ඒකට අර මුලින් ලැබුණු ප්‍රචාරයත් එක්ක. එහෙම නැතිව අපි හිතමු ඒපබ ජ්ඪතථ එකක් කියලා. ඒක තත්ත්වයෙන් උසස් නිර්මාණයක් වුණත් ඒගොල්ල ඉලක්ක කරන ප්‍රේක්ෂක පිරිස තියටර් එකට එන්නේ නෑ. නමුත් අඩුගානේ ඒ අයට අවස්ථාව තියෙන්න ඕනෑ D.V.D මාර්ගයෙන් හෝ ඒ චිත්‍රපටය නරඹන්න. ඒ පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් තමයි අපි කලාත්මක චිත්‍රපට වෙළෙඳපොළට දාන්නේ.

* නීතියෙන් මොන වැටකඩුළු බැන්දත් තාම ච්. ඍ. ච් මංකොල්ලය සිදු වෙනවා නේ?

ඔව්. ඒක ඇත්ත. අපි ‘හෝගානා පොකුණ’ ඕතභඥ පචර තාක්ෂණයෙන් එළි දක්වන්න මුලදී හිතාගෙන හිටියා. නමුත් ඒකත් හොර කොපි ගහයි කියන සැකය නිසා අපි ඒ වැඩේ පොඩ්ඩක් ප්‍රමාද කළා. එහෙම කළා නම් ඒක නිකං ගෙඩිය පිටින් දුන්නා වගේ වැඩක්නේ.

* දැන් මේ හොර ච්. ඍ. ච් වලට එරෙහිව ආරක්ෂිත පියවරක් අරගෙන නැද්ද?

තියෙනවා. එකක් තමයි අපේ D.V.D බෙදාහැරීම සඳහා දැනටමත් ඒ කර්මාන්තයේ යෙදී සිටින නියෝජිතයන් කිහිප දෙනෙකු පත් කරගෙන තිබෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් එක්, එක් අය ඒවාට පත් කරලා තියෙන්නේ මුළු රටම ආවරණය වෙන විදිහට. එතකොට ඔවුන් වෙතින් තමයි සෙසු අය D.V.D මිලට ගන්නේ. අනෙක් විශේෂත්වය තමයි අපේ D.V.D කොපි කරන්න බෑ.

* ADinfinity ප්‍රචාරක කටයුතු සෙසු ච්. ඍ. ච් නිෂ්පාදකයන්ට වඩා වෙනස් මුහුණුවරකින් සිදු වෙන්නේ?

ඔබතුමා දැක්කද දන්නේ නෑ අපි ‘හෝගානා පොකුණ’ D.V.D පටය බෙදා හරින කොට එහි ප්‍රචාරක කටයුතු සිදු කළේ චිත්‍රපටයක් ප්‍රදර්ශනයට මුදා හරිනවා වගේ දැවැන්ත විදිහට. ඒ සඳහා අපේ වෙළෙඳ නාමය මුද්‍රණය කරපු ටී ෂර්ට්, කැප්, හැඳ පැළඳ ගත් විශේෂ කණ්ඩායමක් අපි යොදවා තිබුණා. එතකොට බෙදා හරින්නන්ට අපේ බිල් බුක් එකක්, විසිටින් කාඩ් පතක් ලබා දුන්නා. අලංකාර පෝස්ටර් විශාල ප්‍රමාණයකුත් අපි මුද්‍රණය කළා. ඒක හරියට ෆිල්ම් එකක් රිලීස් කරනවා වගේ තමයි.

* ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ විදිහේ ප්‍රමෝෂන් එකක් කළේ?

ඔව්. මේ ඒ විදිහේ දෙයක් කෙරුණු ප්‍රථම වතාව. හැම කර්මාන්තයකටම තියෙනවා යම් කිසි ඩේටා එකක්. එතකොට මේ කර්මාන්තයට විතරක් ඩේටා එකක් නෑ, කොච්චර පිටපත් ප්‍රමාණයක් විකුණනවද දන්නේ නෑ, කොච්චර පාරිභෝගිකයන් පිරිසක් ඉන්නවාද දන්නේ නෑ. එතකොට ඒගොල්ලන්ගේ වර්ගීකරණයක් හොයා ගන්න අපට විදිහක් නෑ. කිසිම ඩේටා එකක් නෑ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉදිරියේදී මේ පිළිබඳ ක්‍රමානුකූල දත්තයන් එක් රැස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම ඉලක්කයක තමයි අපි යන්නේ. මේක හොඳ වටිනාකමක් දෙන්න පුළුවන් කර්මාන්තයක්.

* මේ කර්මාන්තයේ නියැළී සිටින්නන්ට වෘත්තීමය වටිනාකමක් දිය හැකි බවයි ඔබ කියන්නේ?

එහෙම වෘත්තීය වටිනාකමක් දෙන්න පුළුවන්. එතකොට අපේ D.V.D සඳහා හොඳ පාලන මිලක් දාගන්න පුළුවන්. අපේ D.V.D පමණක් බෙදා හරින නියෝජිතයෙක් නම් අපට එයාට හොඳ මිලක් ගෙවන්න පුළුවන්. ඒක ඩිස්ට්‍රිබියුට(ර්)ට වගේම අපිටත් හොඳයි. එකම ෂෙයා(ර්) මාකට් එකට තමයි හැමෝම ටා(ර්)ගට් කරන්නේ. ඒ නිසා සමහර D.V.D නිෂ්පාදකයෝ වැඩි අලෙවියක් බලාපොරොත්තුව තමන්ගේ නිෂ්පාදන අඩු මුදලට දෙනවා. අර වගේ ක්‍රමයක් තිබුණොත් අපට වෙළෙඳපොලේ ස්ථාවර මිලක් පවත්වාගෙන යන්න පුළුවන්.

* ච්. ඍ. ච් නිෂ්පාදන වෙළෙඳපොලේ තියෙන්නේ කිසියම් ඒකාධිකාරයක්. මේ ඒකාධිකාරය මැද ඔබ නිෂ්පාදන ආයතනය කිසියම් අභියෝගාත්මක කාර්යයකටයි මුල පුරා සිටින්නේ?

සුනිල් ටී. ප්‍රනාන්දු D.V.D නිෂ්පාදනයට එනකොට සමහරු බය වුණා. ඒ නිසයි තර්ජනාත්මක දුරකථන ඇමතුම් පවා අපට ආවේ. සමහරු තර්ජනය කළා මේ වැඩේ නවත්වන්න කියලා. ඕනෑම කර්මාන්තයකට අලුතින් කෙනෙක් එනකොට ඒක කම්පෙටිෂන් එකක්නේ. ඒකට ඇතුල් වෙනකොට විවිධ බාධක තියනවා. ඒ බාධක බිඳගෙන ගියොත් ප්‍රශ්නයක් නෑ කියලයි මට හිතෙන්නේ. හැම වෙලේම ඒ බාධකව තිබුණේ මේ බෙදා හැරිමත් එක්කනේ. ඒ නිසා තමයි අපි බෙදා හැරීමේ කටයුතු වඩාත් විධිමත් කළේ. දැන් අපිට හොඳ බෙදා හැරීමේ නියෝජිතයන් පිරිසක් ඉන්නවා.

* වෙළෙඳ පොලේ අලෙවි වන ඇතැම් ච්. ඍ. ච් නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබඳ අපට ප්‍රශ්න තිබෙනවා. දැන් ADinfinity නාමය යටතේ නිකුත් වන D.V.D ප්‍රමිතිය පිළිබඳ සහතිකයක් දිය හැකිද?

හැම වෙලේම අපි වෙළෙඳපොළට මුදා හරින්නේ Original Movie එකක්. වෙනත් කෙනෙකුගෙන් මිල දී ගන්නෙත් Original Copy එකක්. D.V.D කොලිටි එකෙන්ම තමයි අපි ඒවා පිටත් කරන්නේ. ඇත්තටම ප්‍රොඩක්ෂන් එකේදී යම් යම් ඩැමේජ් වෙනවා. පුළුවන් තරම් අපි උත්සාහ කරනවා ඩැමේජස් නැති කොපීස් පැකින්වලට ගන්න. යම් විදිහකින් එකක් මිස්වෙලා තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඩැමේජ් කොපියක් නම් අපි ඒක නැවත බාර ගන්නවා.

* විවිධ මිල ගණන් යටතේ අද සිංහල චිත්‍රපට ච්. ඍ. ච් අලෙවි කෙරෙනවා. ඒච්ඪදටඪදඪබර ච්. ඍ. ච් සඳහා ස්ථාවර මිලක් තියෙනවාද?

උපරිම සිල්ලර මිල රු: 200 යි. ඒ මුදලට ඉතාම උසස් ප්‍රමිතියකින් යුත් D.V.D නිෂ්පාදනයක් අප පාරිභෝගිකයාට ලබා දෙනවා.