වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




කවුදෝ එයා

කවුදෝ එයා

දෙනෝ දාහක් මැද සුරූපී ගැහැනු ළමයකු ඇවිත් පිරිමි ළමයකුව තදින් බදා ගත්තොත් කොහොමට හිටීවිද. ඒ පිරිමි කෙනා ජනප්‍රිය නළුවෙක් වුණොත් ඔහුට මොන වගේ හැඟීමක් ඇති වේවිද?

එහෙම සිදුවීමක් වුණා අපේ ඇස් පනාපිට. ඒ සිද්ධියට මුහුණ දුන් නළු රාජයා තමයි හේමාල් රණසිංහ. ඉකුත් දිනයකදී හේමාල් ඉන්න ආදරණීය කතාවක් චිත්‍රපටයට දින පනහක් සපිරුණා. ඒ වෙනුවෙන් විශේෂ දර්ශනයක් කොළඹ රීගල් ශාලාවේද'ී පැවැත් වුණා. එයට සහභාගි වෙලා හිටියා අති විශාල ජනකායක්. හේමාල් ද එදින තම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එතැනට ආවා. මෙන්න මේ වෙලාවෙදි තමයි සුරුපී ගැහැනු ළමයකු හේමාල් ගාවට ආවේ. ඇය ඔහුව එක පාරටම තදින් වැළඳ ගත්තා. හේමාල්ට කරකියා ගන්න දෙයක් නැහැ. ඇයි ඉතින් එලවන්නයැ. ටික වේලාවක් තම ප්‍රියතම නළුවව බදාගෙන හිටපු ඒ තරුණිය බොහොම දුකෙන් වගේ ඔහුව අතහැරලා ගියා.