වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




චණ්ඩි පාට් ඕනෑ

චණ්ඩි පාට් ඕනෑ

කමල් දේශප්‍රිය දැන් වෘත්තීය රංගන ශිල්පියෙක්. ඔහු මීට ප්‍රථම රාජකාරියක් කරන ගමන් තමයි රඟපෑවේ. දැන් එහෙම නැහැ. ෆුල් ටයිම් ඇක්ටිං. මේ හින්ද කමල්ට එක දිගටම චරිත ලැබුණා. හැබැයි ඒ සේරම තාත්තගේ චරිත. එහෙම තාත්තටම රඟපාලා කමල්ට එපා වෙලාලු. වෙලාවකට අපිටත් හිතෙනවා කමල්ව තාත්තාගෙම චරිතයට හිර කරලා කියලා. ඒ ඒකාකාරී භාවයෙන් මිදෙන්න ඕනෑ කියලා කමල් අදහස් කරනවා. ගමක චණ්ඩියකුගේ චරිතයක් රඟපාන්න කමල් ඉතාම ආසාවෙන් ඉන්නවලු. ඒ ගැන අපිට කිව්වේ කමල් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටපු වෙලාවක.

ඇත්තටම කමල්ට ඒ වගේ චරිතයක් ලැබුණොත් කොහොමට හිටීවිද.