වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




චන්දු, චන්ද්‍රසිරි වෙලා

චන්දු, චන්ද්‍රසිරි වෙලා

කොල්ලෙක් උපන්නොත් නරියකු හට දාව යන උපහාසාත්මක කවිය ඇසෙත්ම අපට මතක් වන්නේ සෝමවීර චන්ද්‍රසිරි නමැති කවියා. ඔහු කැස්බෑව ආසනයේ ජීවත්ව සිටි කීර්තිමත් දේශපාලඥයෙකු ද වෙනවා.

එතුමන් වෙනුවෙන් පසුගියදා උපහාර උලෙළක් පැවැත් වුණා. එහිදී සෝමවීරයන් වගේම කෙනෙක් ඔහුගේ ඇඳුම් විලාසිතාව ද ඇතුව වේදිකාවට ගොඩ වුණා. බොහෝ දෙනෙක් ඔහු දෙස පුදුමයෙන් බැලුවේ සෝමවීරට සෑහෙන්න සමාන නිසා. එහෙම සැරසී වේදිකාවට ආවේ චන්දු ලියනාරච්චි. ඔහු නළුවෙක්. ඒ වගේම කලක් සරසවිය හැඩ කළ සිනමා මාධ්‍යවේදියෙක්. චන්දු තමයි එදා සෝමවීර චන්ද්‍රසිරි වුණේ.