වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනී සුබ උපන් දිනයක්

මාලිනී සුබ උපන් දිනයක්

අනිද්දා එනම් අපේ‍්‍රල් 30 උපන් දිනය සමරන නිළි රැජන මාලිනී ෆොන්සේකාට සුබ උපන් දිනක් වේවායි සරසවිය සිය පාඨකයන් හා එක්ව ප්‍රාර්ථනා කරයි.


එම්. එච්. මොහොමඩ් මිය යයි

ජනප්‍රිය චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ එම්. එච්. මොහොමඩ් මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 95 කි. මොහොමඩ් මහතා හිටපු කතානායකවරයකු ද වෙයි. ශාන්ති, රන්තිලකා, සෝබන සිත, රහස් කුමන්ත්‍රණය වැනි චිත්‍රපට රැසක් මොහොමඩ් මහතා විසින් නිෂ්පාදනය කොට ඇත. ජිස්ති චිත්‍රපට සමාගම වෙනුවෙන් ඔහු මෙම චිත්‍රපට නිපදවන ලදී. සිනමා ශාලා හිමියකු ද වූ ඔහු මෙරට වැඩිම ගීත ගණනක් අඩංගු වූ චිත්‍රපටය වූ දේව සුන්දරී හි නිෂ්පාදක එම්. එච්. මුනාස්ගේ සහෝදරයාය. එමෙන්ම චිත්‍රපට නිෂ්පාදක හුසේන් මොහොමඩ්, එම්. එච්. මොහොමඩ් මහතාගේ පුතණුවන් වෙයි.


ස්ටැන්ලි මාස්ටර් සමු ගනී

ටවර් හෝල් යුගයේ රංගන ශිල්පියකු වූ ජී. එච්. ස්ටැන්ලි පෙරේරා අභාවප්‍රාප්ත විය. ස්ටැන්ලි මාස්ටර් යන නාමයෙන් වඩාත් ප්‍රකට ඔහු දැනට ජීවතුන් අතර සිටි පැරැණිතම ටවර්හෝල් රංගන ශිල්පියාය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු අනූ තුනකි. චිත්‍රපට රැසක විවිධ චරිත මැවූ හෙතෙම සංගීත ශිල්පියකු වශයෙන් ද දස්කම් පෑවේය. ස්ටැන්ලි මාස්ටර්ගේ අවසන් කටයුතු ඉකුත් සඳුදා බොරැල්ල කනත්තේදී සිදු විය.