වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




අශෝක සෙනරත් මුදලිගේ දියණිය විවාහ වූ දා

අශෝක සෙනරත් මුදලිගේ දියණිය විවාහ වූ දා

 

නාට්‍ය ශිල්පී අශෝක සෙනරත් මුදලිගේ දියණිය ෂාර්මෙන් මුදලිගේ විවාහ දිවියට ඇතුළත් වූවා ය. වෛද්‍යවරියක වන ෂාමෙන් සමඟ විවාහ වූයේ ඉංජිනේරු සේවයේ නියුතු කල්යාන නඩිපාලි ය. කිංස්බරි හෝටලයේ දී පැවැත් වූණු මේ විවාහ උලෙළට කලා ශිල්පීහු හා ශිල්පිනියෝ රැසක් සහභාගි වූහ. ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානයක හා චිත්‍රපට අධ්‍යක්ෂිකා රේණුකා බාලසූරිය විවාහ උලෙළට සහභාගි වූ අවස්ථාවකි.

බාගි හෙට සිට

ටයිගර් ෂරොෆ් සහ ශ්‍රද්ධා කපූර් රඟන ‘බාගි’ චිත්‍රපටය හෙට (29) සිට ලංකාව ඇතුළු ලොව පුරා තිරගත වීමට නියමිතය. ‘බාගි’ අධ්‍යක්ෂණය සබීර් ඛාන් විසිනි

 

ජංගල් බුක් වාර්තා තබයි

වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ ද ජංගල් බුක් චිත්‍රපටය මෙරටදී පමණක් ලක්ෂ 200 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි. මෙයට පාදක වනුයේ රඩියඩ් කිප්ලිංගේ කෘතියකි.