වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




පුදුම ඉල්ලං කෑමක්

පුදුම ඉල්ලං කෑමක්

සහන් විජේසිංහ සහ ගායනා සුදර්ශනී කියන පුංචි පවුල ඉන්න ගෙදරට අවුරුදු දා පාන්දරම යාළුවෙක් ආවලු. ඉතින් මේ දෙපොළ ඔහුව හිස මුදුනින්ම පිළිගෙන ආගන්තුක සත්කාර කරලා. මේ මිත්‍රයා දැන් සහන්ලව දවල් කෑමකට එක්කගෙන යන්න හදනවලු. සහන් කිව්වලු අපි දවල් වෙලා එන්නම් කියලා. ඒ යාළුවා නැවතිලා ඉන්නේ කොළඹ ටවුන්හෝල් එක කිට්ටුව. සහන් ඒකයි දවල් වෙලා එන්නම් කියලා තියෙන්නේ. ඒත් මේ යාළුවා ඉන්නම දෙන්නේ නැතිලු. දැන්මම යමු කියලා සහන්වයි ගයනාවයි වාහනයට නංග ගත්තු මේ මිත්‍රයා යමු කියලා කොට්ටාවෙන් අධිවේගී මාර්ගයට දාලා. සහන්ලා ඇහැව්වලු කොහෙද මේ යන්නේ කියලා. යාළුවා නෙවෙයිලු උත්තර දුන්නේ. කොහොම හරි මාතර පැත්තෙන් එළියට ආව යාළුවා වාහනය දිගටම පදවාගෙන යනවලු. කිව්වට විශ්වාස කරන්න වාහනය කෙළින්ම ගියේ මාතරට. හම්බන්තොටින් තනමල්විලට. මේ යාළුවගේ ගම එහෙ. මෙයා ලන්ච් එකක් දෙන්න උදේ පාන්දරම සහන්ලව එක්කගෙන ගිහින් තියෙන්නේ ගෙදරට යද්දී දවල් වෙන හින්දා. එදා කොළඹ ඉඳන් කෑම ගන්න තනමල්විලට ගිය සහනුයි ගයනයි' ආයේ ගෙදර එද්දී හොඳටෝමම රෑ වුණාලු.

අවුරුදු දවසම ඉවරයි කිය කියා දෙන්නම ගිය ගමන ගැන මතක් කර කර හිනා වුණාලු.