වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




රෝද හතර උඩ

රෝද හතර උඩ

දෙරණ සිහින තරුව ජනිත් ඉද්දමල්ගොට පොඩි කරදරයක් වෙලා. අපි ඉතින් ඒ පිළිබඳ දැනගන්නට ඔහුට කතා කළා. වාසනාවට ජනිත්ට සුළු තුවාල හැරුණු කොට වෙනත් කිසි ආබාධයක් නැතිලු.

පසුගිය දිනෙක ජනිත් තම පවුලේ අය සමඟ වැල්ලවායේ ගිහින්. ගමන අතරෙදි බුලත්කොහුපිටිය හරියෙදි වංගුවක් ගන්න හදද්දී වාහනයේ රෝද කැපිලා නැහැ. වාහනය කෙළින්ම ගිහින් හෙළකට වැටිලා රෝද හතර උඩලු. සීට් බෙල්ට් දාගෙන හිටපු නිසා ඉදිරියේ සිටි ජනිත්ට සහ අයියාට වැඩි හානියක් නැහැ. එහෙත් ඔහුගේ අම්මටයි තාත්තටයි ටිකක් තුවාල සිදු වෙලා. මේ වන විට ඔවුන් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබනවාලු.