වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඉහළ ප්‍රතිචාර

ඉහළ ප්‍රතිචාර

දොස්තර රනිල් ජයසේන හෙවත් සින්දු කියන සින්දු ලියන දොස්තර මහත්තයා නිරන්තරයෙන් තමන්ගේ කලා හැකියාව ප්‍රදර්ශනය කරනවා. පුංචි පුංචි සාජ්ජවලදි රනිල් මහත්තයාගේ ගායනා හැකියාව අපේ විශේෂයෙන් නෙතු ගැටිලා තියෙනවා. ඉතින් මේ ළඟදී ඔහු ගීතයක් පටිගත කොට මාධ්‍යයට නිකුත් කළා.

පැරැණි ජනප්‍රිය හින්දි ගීතයක් තමයි දොස්තර මහත්තයා මෙහෙම නැවත ගැයුවෙ. ගීතය සුනෝනා සංගා. මුල් ගැයුම ජග්ජිත් සිංග්ගේ. මේ වන විට රනිල් මහත්තයා ගැයු ඒ ගීතය මියුසික් වීඩියෝවක් සමඟ යු ටියුබ් සඳහා ඇතුළත් කරලා තියෙනවා. ඊට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා රනිල් මහත්තයා අපිත් එක්ක කිව්වා.